ඉදිරි දිනවල මිල ඉහළ යාමක් සමග චොක්ලට් හිඟයක් !

පාස්කු උත්සවය සමයේ චොකලට් මිල තව දුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශේෂඥයන් පවසනවා.

නත්තලට පෙර ඉහළ ඉල්ලුමක් සහ කොකෝවා සැපයුම් හිඟයක් හේතුවෙන් දශක හතරකට පමණ පසු චොකලට් මිල ඉහළ යාමක් සිදු වුණා.

ඒ අනුව පාස්කු උත්සව සමයේදීත් චොකලට් නිෂ්පාදනවලට ඇති ඉල්ලුම හේතුවෙන් මිල ඉහළ යනු ඇති බවටයි විශේෂඥයින් අනතුරු ඇඟවීම් කර ඇත්තේ.

සිඩ්නි විශ්වවිද්‍යාලයේ කොකෝවා ශාකය පිළිබඳ විශේෂඥයෙක් වන මහාචාර්ය ඩේවිඩ් ගෙස්ට් පෙන්වා දෙන්නේ චොකලට්වල ප්‍රධාන අමුද්‍රව්‍යය වන කොකෝවා නිෂ්පාදනය දේශගුණික විපර්යාස, ශාක රෝග, ගොවි දරිද්‍රතාවය සහ තිරසර නොවන කෘෂිකාර්මික භාවිතයන් හේතුවෙන් දැඩි ගෝලීය පීඩනයකට ලක්ව ඇති බවයි.

පසුගිය වසර කිහිපය තුළ කොකෝවාවල සාමාන්‍ය මිල ටොන් එකක් ඩොලර් 2500ක් පමණ වූ අතර මේ වන විට ටොන් එකක් ඩොලර් 8500ක් පමණ වන බවයි මහාචාර්යවරයා කියාසිටියේ.

චොක්ලට් කර්මාන්තය මගින් ගොවීන්ගේ දරිද්‍රතාවයට ඉක්මනින් විසඳුම් ලබා නොදෙන්නේ නම් සහ දේශගුණික විපර්යාස මෙන්ම රෝගවලට විසඳුම් සොයා නොගන්නේ නම් වර්තමාන වාර්තාගත මිල හේතුවෙන් ගෝලීය චොකලට් හිඟයක් ඇති වනු ඇතැයි ඔහු අනතුරු අඟවනවා.

මෙය සිදු නොවන්නේ නම්, ගොවීන් කොකෝවා අතහැර වෙනත් ලාභදායී බෝග වෙත යොමු වනු ඇති බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව චොකලට් බොහෝ පාරිභෝගිකයින්ට ලබා ගත නොහැකි සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »