අද රාත්‍රියේ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව

අද රාත්‍රියේ ඔස්ට්‍රේලියානුවන්ට දැක බලා ගැනීමට හැකි අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් සිදු වීමට නියමිතව තිබෙනවා.

මෙම අර්ධ චන්ද්‍ර ග්‍රහණය දර්ශනය වන්නේ යුරෝපය, උතුරු සහ නැගෙනහිර ආසියාව, ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව ඇතුළු කලාපවලට පමණක් වීම විශේෂත්වයක්.

එය අද රාත්‍රී 7.03ට සිඩ්නි නුවර සහ රාත්‍රී 7.29ට මෙල්බර්න් නුවරදී දැක බලා ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ.

මෙම චන්ද්‍රග්‍රහණයක් රතු පැහැයෙන් දිස්වුව ද සූර්යග්‍රහණයක් සඳහා අවශ්‍ය නැරඹුම් කණ්නාඩි වැනි විශේෂ උපකරණ අවශ්‍ය නොවන අතර එය පියවි ඇසින් නැරඹිය හැකි බව දැනුම් දෙනවා.

ලබන වසරේ මාර්තු මාසය දක්වා ඔස්ට්‍රේලියාවට දිස්වන එකම චන්ද්‍රග්‍රහණය මෙය ලෙසටයි සැලකෙන්නේ.

මේ අතර මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවේ ජනතාවට දැක ගැනීමට අවස්ථාව නොලැබෙන බව ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා.

එමෙන් ම මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදු වුවත් ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »