දරුවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේදී මෝටර් රථයක් මිලදී ගන්නවා නම් දෙපාරක් හිතන්න

දරුවන් වෙනුවෙන් මෝටර් රථයක් ලබා නොදෙන ලෙසට් ඔස්ට්‍රේලියාවේ සිදු කළ නව අධ්‍යයනයක් මගින් හෙළිවූ කරුණු මත දෙමාපියන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

පවුලේ මෝටර් රථය භාවිත කිරීමට වඩා තමන්ගේම මෝටර් රථයක් හිමි තරුණ රියදුරන් අතින් අනතුරු සිදුවීමේ සම්භාවිතාව වැඩි බවයි පර්යේෂණය තුළින් පෙන්වාදී ඇත්තේ.

නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලය, ජෝර්ජ් ආයතනය සහ බටහිර ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල පර්යේෂකයන් විසින් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තරුණ රියදුරන් 20,000ක් පමණ සම්බන්ධ රිය අනතුරු දත්ත යොදා ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර තිබෙනවා.

අධ්‍යයනයෙන් පෙන්නුම් කර ඇත්තේ පවුලේ මෝටර් රථ භාවිත කරන අයට සාපේක්ෂව තරුණ රියදුරන් තමන්ගේම මෝටර් රථයක් පදවන්නේ නම් ඔවුන්ගේ රිය ධාවනයේ පළමු වසර තුළදී අනතුරට පත්වීමේ අවදානම සියයට 30 කින් වැඩි බවයි.

තමන්ගේම මෝටර් රථයක් සහිත තරුණ රියදුරන් බලපත්‍රය ලබා ගත් පළමු වසර තුළ බරපතල අනතුරුවලට සම්බන්ධ වීමේ සම්භාවිතාව සියයට 2.7කින් වැඩි වී තිබෙනවා.

අධ්‍යයනයේ ප්‍රධානී මහාචාර්ය රෙබෙකා අයිවර්ස් දෙමාපියන් වෙත ප්‍රකාශ කර ඇත්තේ දරුවන්ට මෝටර් රථයක් මිල දී ගෙන ඔවුන්ට ඊට අසීමිත ප්‍රවේශයක් ලබා නොදෙන ලෙසටයි.

පවුලේ මෝටර් රථය භාවිත කරන තරුණ රියදුරන් දිගු දුර ධාවනය නොකිරීම, මෝටර් රථයේ තවත් එක් අයෙක් රැගෙන යාම, රාත්‍රියේ රිය ධාවනය නොකිරීම වැනි දෙමාපියන්ගේ නීතිරීතිවලට යටත් වීම හමුවේ අනතුරුවල අඩුවක් පෙන්නුම් කරන බවයි අයිවර්ස් පැවසුවේ.

රියදුරු බලපත්‍ර ලබා ගැනීමෙන් පසු පළමු මාස 12 තුළ තරුණ රියදුරන්ට වඩාත්ම භයානක කාලය වන අතර, මෙම කාල සීමාව තුළ මෝටර් රථයකට අසීමිත ප්‍රවේශයක් තිබීම ඔවුන්ගේ අනතුරේ අවදානම වැඩි කළ හැකි බව ඇය පෙන්වා දෙනවා.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »