
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් සඳහා කොවිඩ් එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතිය ඉවත් කිීමට සෞඛ්‍ය බලධාරීන් සූදානම් වනවා.
ඒ අනුව ඉදිරි සතිවලදී නීතිය ඉවත් කෙරෙනු ඇති අතර යෝජිත වෙනස පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරෙමින් ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය රයන් පාක් පැවසුවේ මේ සම්බන්ධ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතර නීතිය ඉවත් කිරීම කාලෝචිත ක්‍රියාවක් බවට විශ්වාස කරන බවයි.

COVID අවදානම තවම පැවතිය ද නැවත සාමාන්‍ය ජීවිතය ගත කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය සේවකයින් ඇතුළු සෑම කෙනෙකුම ඔවුන්ගේ COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.

මේ අනුව එන්නත් කිරීම අනිවාර්ය වූ නිතිය හේතුවෙන් රැකියා අහිමි වූ හෝ සෞඛ්‍ය සේවයේ තනතුරු හැර ගිය පුද්ගලයින්ට නව රැකියා සඳහා නැවත අයදුම් කිරීමට හැකි වනු ඇති.