2023 වසර අවසානයේ ප්‍රකාශයට පත් කරන ලද ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ උපායමාර්ග හේතුවෙන් ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැලකිය යුතු ව්‍යාකූලත්වයක් සහ බාධාවක් මතුවී ඇතැයි වාර්තා වනවා.
වීසා ප්‍රතික්ෂේප කිරීමේ අනුපාත ඉහළ නංවා ඇති අතර සංක්‍රමණ අඩු කිරීමට ඕස්ට්‍රේලියාව ගෙන ඇති පියවරවල බලපෑම ජාත්‍යන්තර සිසුන්ට දැඩිව දැනෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
2023 වසරේ අවසාන කාර්තු දෙක තුළ ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කළ ජාත්‍යන්තර සිසුන් 5 දෙනෙකුගෙන් 1 අයෙකුගේ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්.
ඒ අතර පකිස්ථාන සහ ඉන්දියානු අයදුම්පත් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර නේපාල සිසුන්ගේ වීසා අයදුම්පත් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
පෙබරවාරි මාසයේ පාඨමාලා ආරම්භ කිරීමට අයදුම් කළ විදේශ සිසුන් දහස් ගණනක් ෆෙඩරල් නිලධාරීන් විසින් ආපසු හරවා යැවීමෙන් පසු ඔස්ට්‍රේලියාව සංක්‍රමණයේ දැඩි පහත වැටීමක් කරා ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.