ජීවන වියදම වැඩි නිසා ගැටලුවෙන් මිදෙන්න ඔස්ට්‍රේලියානුවන් තෝරා ගනිපු ක්‍රමය

ජීවන වියදම ඉහළ යෑමත් සමග ඔස්ට්‍රේලියානුවන් විසින් සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ සොරා ගැනීම සහ මුදල් නොගෙවා ඉන්ධන ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් තිබෙනවා.

ෆයින්ඩර් ආයතනය විසින් පුද්ගලයන් 1,000ක් යොදාගෙන සිදුකර ඇති සමීක්ෂණයක දැක්වෙන්නේ සියයට 12ක පමණ පිරිසක් ගතවූ මාස 12 තුළදී කුමන හෝ භාණ්ඩ සොරාගැනීමක් සිදුකර ඇති බවයි.

එය සමස්ත ජනගහණයෙන් මිලියන 2.4කට ආසන්න ප්‍රමාණයක් බව සඳහන්.

මූල්‍ය ආතතිය හේතුවෙන් මෙලෙස ඔස්ට්‍රේලියානුවන් සුපිරි වෙළඳ සැල්, සාප්පු සංකීර්ණ, සහ ඉන්ධන පිරවුම්හල්වලින් සොරකම් කර ඇති බව පිළිගෙන තිබෙනවා.

සුපිරි වෙළඳසැල්වල ස්වයං සේවාවලදී සියයට 05 කට ආසන්න පිරිසක් නිවැරදි දත්ත ඇතුලත් නොකිරීමෙන් සොරකම් සිදුකරන අතර සියයට 04ක ප්‍රමාණයක් තමන් ස්කෑන් කරන භාණ්ඩ වෙනුවෙන් අසත්‍ය දත්ත ඇතුළත් කර ඇති බව සඳහන්.

සියයට 02ක පමණ පිරිසක් කැෆේ ඇතුලූ අවන්හල්වලින් මුදල් නොගෙවාම පිටවන බවටයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානුවන්ට මාසයකට අවශ්‍ය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා ඩොලර් 740ක මුදලක් වැය වන අතර පසුගිය මාස 12ක කාලය තුළ එම අගය සියයට 07 කින් ඉහළ යාම මෙලෙස සොරකම් සදහා පෙළඹීම කෙරෙහි බලපා ඇති බව සමීක්ෂකයින් පෙන්වා දෙනවා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »