රජයේ දැවැන්ත ඉලක්කයක් නිසා නව රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වෙයි

නව නිවාස මිලියන 1.2ක් ඉදි කිරීම වෙනුවෙන් වූ රජයේ ඉලක්කය වෙත යාම සඳහා අමතර ඉදිකිරීම් කම්කරුවන් 90,000ක් අවශ්‍ය බව ඉදි කිරීම් කර්මාන්තයේ නිරතවන්නන් පවසනවා.

ඉදිරි වසර පහ තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමේ රජයේ ඉලක්කය මෙම වසර මැද දී ආරම්භ කිරීමට නියමිතයි.

බිල්ඩ් ස්කිල්ස් ඔස්ට්‍රේලියා ආයතනය (Build skills Australia) පවසන්නේ මෙම ඉලක්කය යටතේ රජයට සෑම කාර්තුවකටම නිවාස 60,000ක් ඉදිකිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා දැනට පවතින ප්‍රමාණයට වඩා 90,000ක ශ්‍රම බලකායක් අවශ්‍ය වන බවයි.

සැලකිය යුතු සේවක හිඟය හේතුවෙන් ඉදිරි වසර පහ තුළ නව නිවාස මිලියන 1.2ක් ඉදිකිරීමේ ෆෙඩරල් ආන්ඩුවේ ඉලක්කය අසීරු වනු ඇති බාටයි ඉදිකිරීම් කර්මාන්තයේ නිරත වූවන් අනතුරු අඟවා ඇත්තේ.

රැඩිකල් වෙනසක් සිදු නොකළේ නම් මාස තුනකින් සේවකයින් 90,000ක් ලබා ගත හැකි බවට කිසිදු ක්‍රමයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් ඉදිරි ඉලක්කය වෙනුවෙන් රජය ප්‍රගතියක් ලබා ඇති අතර නව වැඩපිළිවෙල සමඟ ඉදිරියට යමින් සිටින බවයි නිවාස අමාත්‍ය ජූලි කොලින්ස් පැවසුවේ.

කුසලතා සහිත සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ නැංවීමට අමතරව, සුදුසුකම් සහිත විදේශීය ශ්‍රමිකයන් හඳුනා ගෙන ඔවුන් සේවයට බඳවා ගත යුතු බවට ද මත ඉදිරිපත් වී තිබෙනවා.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »