දැඩි වූ නීති නිසා ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට සිදු වූ දේ

ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පැනවූ දැඩි නීති සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මිලියන ගනනක් දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මාසයේදී සම්මත කරන ලද දැඩි නීති හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය බලධාරීන් ඉලෙක්ට්‍රොනික දුම්වැටි 42,000කට අධික ප්‍රමාණයක් සහ නීතිවිරෝධී දුම්වැටි මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.,

වෙනත් ආයතන විසින් කරන ලද වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය ද එකතු කළ විට මේ දක්වා කාලය තුළ ඉලෙක්ට්‍රොනික දුම්වැටි 150,000කට ආසන්න ප්‍රමාණයක් සහ නීති විරෝධී දුම්වැටි මිලියන 15 කට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇතැයි සඳහන්.

ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය ඇමති ෂැනන් ෆෙන්ටිමන් මෙමෙ සංඛ්‍යා ලේඛන නිකුත් කරමින් සඳහන් කළේ මීටත් වඩා ශක්තිමත් නීති සඳහා ෆෙඩරල් ආන්ඩුවේ සැලසුම්වලට සහාය දිය යුතු බවයි.

වෙන කවරදාටත් වඩා ඔස්ට්‍රේලියානුවන් වැඩි ප්‍රමාණයක් ඉලෙක්ට්‍රොනික දුම්වැටි වෙත යොමු වෙමින් සිටින බව නව සංඛ්‍යා ලේඛන මගින් අනාවරණ වී තිබෙනවා.

ජාතික සංඛ්‍යාලේඛනවලට අනුව, වයස අවුරුදු 14 සහ ඊට වැඩි පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු අවම වශයෙන් එක් වරක් හෝ විද්‍යුත් සිගරට් භාවිතා කර තිබෙනවා.

ඔවුන්ගෙන් සියයට 7ක් අවම වශයෙන් දිනපතා ඒවා භාවිතා කර ඇති බවයි සඳහන් වන්නේ.

දුම්කොළවලට ඇබ්බැහි වූ දුම් පානය කරන්නන් සඳහා ප්‍රතිකාර නිෂ්පාදනයක් ලෙස ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිත කිරීම වැරදි ලෙස අර්ථ කථනය කරන බවට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් චෝදනා කර තිබෙනවා.

මෙය සැබවින්ම බරපතල මහජන සෞඛ්‍ය උවදුරක් වන අතර එය හිතාමතාම නව පරම්පරාවක් නිකොටින්වලට ඇබ්බැහි කිරීමට නිර්මාණය කර ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »