Search

නිවාස ගැටලුව නිසා වර්ධනය වූ කිසිවෙක් නොදකින අර්බුධය

කුලී නිවාස අර්බුධය හේතුවෙන් මහමග රැඳී සිටින ඔස්ට්‍රේලියානුවන් ගණන මෙන්ම නිවාස උපකාර පතා ලැබෙන ඉල්ලුම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

විශේෂයෙන් රැකියාවක් පැවතිය ද නිවසක් නොමැතිව පීඩා විදින ඔස්ට්‍රේලියානුවන්න්ගේ සංඛ්‍යාව සියයට 20කින් ඉහළ ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සිඩ්නි අගනගරය හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත නිවාස මිල ගණන් දැරිය නොහැකි මට්ටමින් ඉහළයෑමත් සමග සිඩ්නි වැසියන් දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

නිවාස නොමැතිකම පිළිබඳ පසුගිය දෙසැම්බර් මාසයේ සිදු කළ සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ නිවාස ගැටලුව ආර්ථිකයට පමණක් නොව ගෘහස්ථ හිංසනයෙන් දක්වා ද ව්‍යාප්ත වී ඇති බවයි.

මේ අතර නිවාස නොමැතිව ආධාර සේවාවලින් උපකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාවේ ඉහළ අගයක් සිඩ්නි නගරයෙන් වාර්තා වන බව අනාවරණය වී තිබෙනවා.

ඉදිරි මාස 18ක කාලසීමාව තුළ මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය සාධනීය ලෙස මැදිහත්වනු ඇති බවටයි ඔස්ට්‍රේලියානු නිවාස සැපයුම් පුන්‍ය ආයතන විශ්වාසය පළ කරන්නේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »