නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ඔස්ට්‍රේලියානුවන්ට දැරිය හැකි මිල ගණන්වලට නිවසක් ලබා ගත හැකි එකම නගරය මෙල්බර්න් බවට අනාවරණ වී තිබෙනවා.
දත්තවලට අනුව, පසුගිය වසර පහ තුළ ජනතාවට දැරිය හැකි ආකාරයෙන් මිල ගණන්වල ඉහළ යාමක් පෙන්නුම් කර ඇත්තේ මෙල්බර්න් නගරයේ පමණයි.
දේපලවල පිරිවැය සම්බන්ධ දත්තවලට අනුව ප්‍රවීණයන් පවසන්නේ මෙල්බර්න් යනු දැරිය හැකි හෝ ප්‍රවේශ විය හැකි නිවාස වෙළඳපොලක් ලෙස හඳුන්වනු නොලැබුව ද අනෙකුත් නගර මෙන් නොව කාලයත් සමඟ නිවාස මිලෙහි සියුම් වැඩි වීම් පමණක් එහි පෙන්නුම් කෙරෙන බවයි.
ජීවන වියදම් අර්බුදය සහ තැන්පතු මුදල් සම්බන්ධ ගැටලුවලට මුහුණදී සිටින ජනතාවට සාපේක්ෂව දැරිය හැකි මිලකට නිවාස ලබා ගත හැක්කේ මෙල්බන් වෙතින් බව සඳහන්.
කෝලොජික් (CoreLogic) දත්තවලට අනු Melbourneහි නිවසක මධ්‍ය මිල දැනට ඩොලර් 942,779ක් පමණ වනවා.
එය 2023 වසරට සාපේක්ෂව සියයට 4.4ක වැඩිවීමක් මෙන්ම 2019 වසරේ දක්නට ලැබුණු මිල ගණන්වලට අනුව සියයට 30ක වැඩිවීමක්.
නිවසක් මිලදී ගැනීමට ඇති ලාභම උපනගරය වන්නේ මෙල්බර්න්හි බටහිර ප්‍රදේශයේ පිහිටි මෙල්ටන් වන අතර එහි මධ්‍ය නිවාස මිල ඩොලර් 473,074ක්.
මෙල්බර්න් හි මධ්‍යම වෙළඳ නගරය, ප්‍රවාහනය සහ අනෙකුත් සේවාවන් සඳහා ඉතා සමීප ප්‍රවේශයක් තිබියදීත්, කාල්ටන් යනු මහල් නිවාස සඳහා ලාභම උපනගරය ලෙසට සැලකෙනවා.
එහි නිවාසයක සාමාන්‍ය වටිනාකම ඩොලර් 349,078ක් බව සඳහන්.