Search

රුසියාවේ ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරය ගැන ඇමරිකාවෙන් හෙළිදරව්වක්

මොස්කව් නුවර සංගීත ප්‍රසංගයක් පැවති ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ තුවක්කුකරුවන් සිව්දෙනාම අත්අඩංගුවට ගත් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ප්‍රහාරකයින්ගේ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 133 දෙනෙකු මිය ගිය අතර 140 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

රුසියානු බලධාරීන් පැවසුවේ ප්‍රහාරයට සම්බන්ධව පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවක්කුකරුවන් හතර දෙනා යුක්රේනය බලා යමින් සිටියදී අල්ලා ගත් බවයි.

වෙඩි තැබීම ආරම්භ වන විට රොක් සංගීත ප්‍රසංගයක් සඳහා 6,200ක පමණ පිරිසක් ශාලාවේ රැස්ව සිටි බව සඳහන්.

මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ තමන් බවට IS කණ්ඩායම ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් අදහස් දක්වා නැහැ.

රූපවාහිනී දේශනයකදී රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ වසර 20කට ආසන්න කාලයක් තුළ එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හෙළා දකින බවයි.

ප්‍රහාරකයන් යුක්රේනයට පැන යාමට උත්සාහ කළ බවට රුසියානු ආරක්ෂක අංශ විසින් කළ ප්‍රකාශය යුක්රේනය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ප්‍රහාරයට තමන් සම්බන්ධ කිරීමට උත්සහ කිරීමක් ලෙසට පෙන්වා දෙමින්.

ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනයට දොස් පැවරීමට පුටින් උත්සාහ කරන බවට යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) චෝදනා කරනවා.

මේ අතර එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළේ මේ මස මුල මොස්කව්හි ප්‍රසංග ඇතුළු විශාල රැස්වීම් වෙත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට රුසියාවට තමන් අනතුරු ඇඟ වූ බවයි.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »