Search

ෆෙඩරල් රජයේ අයවැයෙන් ලැබෙන සහනයක් ගැන ඉඟියක්

ෆෙඩරල් රජයේ එලඹෙන අයවැයෙන් ජීවන වියදම් අර්බුධය සඳහා සහනයක් නොමැති බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය තුළ අභියෝගාත්මක ආර්ථික තත්වයන්ට මුහුණ දීමට ජනතාවට සිදු වනු ඇති බවයි.

තවමත් අරගල කරන සැලකිය යුතු ඔස්ට්‍රේලියානුවන් පිරිසකට ඉදිරි කාලය සඳහා සහනයක් නොලැබෙනු ඇති බවයි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෂේන් ඔලිවර් පැවසුවේ.

කෙසේවෙතත් ජීවන වියදම් අර්බුදය විසඳීමට තමන් කැපවී සිටින බව භාණ්ඩාගාර සහකාර අමාත්‍ය ඇන්ඩෲ ලී ප්‍රකාශ කර තිබෙනවා.

උද්ධමනය මධ්‍යස්ථ කිරීම, වැටුප් වැඩි කිරීම සහ විරැකියාව අඩු කිරීමේ සැලසුම් මෙවර අයවැය තුල ඇතුලත් බව ද ඔහු සඳහන් කළා.

මේ අතර සංචිත බැංකුව හෙළිදරව් කර ඇත්තේ සෑම ණය ගැණුම්කරුවන්ගෙන් සියයට පහක් පමණ ඔවුන් උපයන මුදලට වඩා ආපසු ගෙවීම් සඳහා වියදම් කරන බවයි.

ඔවුන්ට වියදම් කපා හැරීමට, වැඩි කාලයක් වැඩ කිරීමට, වත්කම් විකුණා දැමීමට හෝ බැංකු තැන්පතු අඩු කිරීමට සීමාවක් පවතින අතර එම සීමාවට දැන් ළඟා වීමට පටන් ගෙන ඇතැයි සැක කරන බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර මෙවර අයවැයෙන් රැකියා අපේක්ෂකයන්ට මෙන්ම සහ තරුණ දීමනාව ඉහළ නැංවීමක් සිදු කරන ලෙසට ද ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ.

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුගේ ආදායම ඉතා පහත් මට්ටමක පවතින අතර, ආදායම් ආධාරය සකස් නොකළහොත් ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී කැසැන්ඩ්‍රා ගෝල්ඩි සඳහන් කළා.

2024 වසරේ ෆෙඩරල් අයවැය ලබන මැයි 14 වන අඟහරුවාදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ

දෙසැම්බර් පළමු වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානවල සහ සාමාන්‍ය වනාන්තරවල කඳවුරු භූමිවල නොමිලේ කඳවුරු බැඳීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More »