ලැව් ගිනි අවදානමක් හේතුවෙන් පර්ත් අවට ජනතාවට දැනුම්දීමක්

පර්ත් නගරයට දකුණු ප්‍රදේශයේ පාලනයෙන් බැහැරව පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවට ජනතාවට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ගිනි නිවන භටයන් සහ ස්වේච්ඡා සේවකයන් 145 දෙනෙකු ගින්න මැඩපවත්වමින් සිටින අතර වරුනා සහ මරේ ෂයර් ජනතාවට ඉවත් වන ලෙසටයි දන්වා ඇත්තේ.

ඊයේ පස්වරුවේ වනාන්තරයක ඇති වූ මෙම ගින්නෙන් මේ වන විට හෙක්ටයාර් 1780ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

ලැව් ගින්න හේතුවෙන් නිවාසවලට සහ ජීවිතවලට තර්ජනයක් පවතින බවයි බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි නිවීම් හා හදිසි සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අවදානම් ප්‍රදේශවල ජනතාවට බලධාරීන් දැනුම් දී ඇත්තේ මාර්ගය පැහැදිලිව ඇත්නම් පිටව යන ලෙසත් පිටව යා නොහැකි නම් සහන කණ්ඩායම් පැමිණෙන තෙක් තම නිවෙස්වල සිටින ලෙසටයි.

උතුරින් තල්ලතල පාර (Tallathalla), බටහිරින් නිරිතදිග අධිවේගී මාර්ගය, දකුණින් පීල් පාර (Peel Road), ස්කාර්ප් පාර (Scarp Road) සහ නැන්ගා බෲක් පාර (Nanga Brook Road) යන මාර්ගවලින් වරුනා සහ නැන්ගා බෲක් යන ප්‍රදේශවලට මායිම් වී ඇති ජනතාවට මෙම ගින්නෙන් තර්ජනයක් විය හැකි බවටයි සැලකෙන්නේ.

නිවසින් පිටව යාමට සැලසුම් කරන අය මාර්ගය පැහැදිලි නම් දැන්ම එය කළ යුතු අතර, තම නිවෙස් ආරක්ෂා කර ගැනීමට සැලසුම් කරන අය කඩිනමින් ඒවා අවසන් කළ යුතු බවට දැනුම් දී තිබෙනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »