ඇඩිලේඩ් අවට ජනතාවට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

සරම්ප රෝගය වැළඳුණු ළදරුවෙකු පිළිබඳ අනාවරණය වීමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් ඇඩිලේඩ් අවට පොදු ස්ථාන රැසක ගැවසෙන ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය සතිය තුළ මෙම දරුවා රැගෙන මව්පියන් ස්ථාන රැසකට ගොස් ඇති බවටයි.

මේ හේතුවෙන් සරම්ප සඳහා සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට සහ විශේෂයෙන් ළදරුවා සිටින අවස්ථාවේ එම ස්ථානවල සිටි අයට රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන ලෙස උපදෙස් දී තිබෙනවා.

මෑතකදී විදේශයක සිට ඇඩිලේඩ් වෙත ආපසු පැමිණ ඇති බිළිඳා රෝහලේ ස්ථාවර තත්ත්වයේ පසුවන බව සඳහන්.

පසුගිය වසරේ දකුණු ඔස්ට්‍රේලියාවෙන් සරම්ප රෝගීන් තිදෙනෙකු වාර්තා වූ අතර මේ වසරේ ගත වූ කාලය තුළ ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ මෙම ළදරුවා මාර්තු 15 සිකුරාදා සහ මාර්තු 23 සෙනසුරාදා අතර ඇඩිලේඩ් හි පොදු ස්ථානවල සිට ඇති බවයි.

මේ හේතුවෙන් සම්පූර්ණයෙන් ප්‍රතිශක්තිකරණය ලබා නොගත් ඕනෑම අයෙකුට සහ විශේෂයෙන් බිලිඳා රැගෙන මව්පියන් ගැවසුණු ස්ථානවල සිටි අයට ඉදිරි සති කිහිපය තුළ රෝග ලක්ෂණ පිළිබඳව විමසිලිමත් වන ලෙසත් අසනීප වුවහොත් වෛද්‍යවරයකු හමුවන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

සරම්ප රෝග ලක්ෂණ ආරම්භ වන්නේ උණ, කැස්ස, සහ උගුරේ වේදනාවකින් වන අතර පසුව සාමාන්‍යයෙන් හිසෙන් ආරම්භ වන ලප කැසීමකින් පසුව ශරීරය පුරා පැතිරෙන බව සඳහන්.

Women’s and Children’s Hospital Paediatric Emergency Department from 5:30am to 6:15am on Saturday, March 23

Norwood Total GP Care, Como Shopping Centre, Level 1, 11/168 The Parade, Norwood from 11:30am to 2pm on Friday, March 22

Norwood Parade between Edward and George Streets at Norwood from 11:45am to 12:45pm on Friday, March 22

Kmart Firle Plaza, 171 Glynburn Road, Firle from 3:30pm to 4:30pm on Friday, March 22

Adelaide Airport, from 5:30pm to 6:15pm on Friday, March 22

Woolworths, 14/104 Walkerville Terrace, Walkerville from 12:30pm to 1:30pm on Thursday, March 21

Bunnings, 252 Churchill Road, Prospect from 10am to 11:30am on Wednesday, March 20

Next Generation Gym, Memorial Drive, North Adelaide from 3:30pm to 5:15pm on Tuesday, March 19

Exchange Coffee, 12-18 Vardon Ave, Adelaide from 11am to 1pm on Sunday, March 17

State Library, North Terrace, Adelaide from 1:30pm to 2:30pm on Sunday, March 17

Rundle Mall, Adelaide from 2pm to 3pm on Sunday, March 17

Hey Jupiter, Ebenezer Place, Adelaide from 2:30pm to 4pm on Sunday, March 17

Down the Rabbit Hole Winery, 233 Binney Road, McLaren Vale from 2pm to 4pm on Saturday, March 16

Oscar Wylee, Rundle Mall from 6:30pm to 7:30pm on Friday, March 15

Bailey Nelson, Rundle Mall from 7pm to 8pm on Friday, March 15

Gunbae, 11-29 Union St, Adelaide from 7:45pm to 9pm on Friday, March 15

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »