143කට ජීවිත අහිමි කළ රුසියානු ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිද්ධියට අදාළව රුසියානු ආරක්ෂක අංශ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ද ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයේ වගකීම IS සංවිධානය විසින් භාරගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ප්‍රකාශයක් මගින්.

මෙම ප්‍රහාරය වසර ගණනාවකට පසු රුසියාවේ සිදු වූ මාරාන්තික ම ප්‍රහාරය වූ අතර ප්‍රසංග ශාලාව ගිනි ගෙන කඩා වැටී තිබුණා.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති බවටයි.

මියගිය පුද්ගලයින් 93 දෙනා අතර ළමුන් තිදෙනෙකු සිටින බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කළා.

රුසියානු රොක් සංගීත කණ්ඩායමක් වන Picnic හි ප්‍රසංගයක් සඳහා ප්‍රේක්ෂකයන් රංග ශාලාවට රැස්ව සිටි බව සඳහන්.

මෙම ප්‍රහාරය එල්ල වූයේ, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරණයෙන් සිය බලය තහවුරු කර දින කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

ක්‍රෙම්ලිනය හෝ රුසියානු ආරක්ෂක අංශ නිල වශයෙන් ප්‍රහාරයේ වගකීම පවරා නොතිබුණද සමාජ මාධ්‍ය නාලිකාවල පළ කරන ලද ප්‍රකාශයක් මගින් ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම විසින් භාර ගෙන තිබෙනවා.

එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරියෙකු මාධ්‍ය වෙත පැවසුවේ ප්‍රහාරය සිදු කර ඇත්තේ අයිඑස් සංවිධානය විසින් බව එක්සත් ජනපද බුද්ධි අංශ තහවුරු කර ඇති බවයි.

IS සංවිධානය මොස්කව්හි ප්‍රහාරයක් සැලසුම් කරන බවට එක්සත් ජනපද බුද්ධි අංශ මෑත සතිවල තොරතුරු රැස් කර ඇති අතර ඒවා රුසියානු නිලධාරීන් සමඟ බුද්ධි තොරතුරු පුද්ගලිකව බෙදාගත් බවත් නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »