ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට වැඩි පිරිසක් හසු වූ වංචාව

ඔස්ට්‍රේලියානුවන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් කාඩ්පත් වංචාවන්ට ගොදුරු වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

වයස අවුරුදු 15ට වැඩි ඕස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් 2022 සහ 2023 අතර කාලයේදී කාඩ්පත් වංචා අත්විඳ ඇති බවටයි හෙළිවී ඇත්තේ.

වංචාවන්ට හසු වූවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 1000කට වඩා මුදලක් අහිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නව දත්ත අනුව සාමාන්‍යයෙන් කාඩ්පත් වංචා සිදුවීම් මිලියන 1.8ක් පමණ වාර්තා වී ඇති අතර එක් අයෙකුට ඩොලර් 200ක පමණ මුදලක් බැගින් අහිමි වී ඇති බවයි දැක්වෙන්නේ.

2022 වසරේ සිට 2023 දක්වා කාලය තුළ පුද්ගලයින්ගෙන් සියයට 8.7ක් කාඩ්පත් වංචාවලට මුහුණ දී ඇති බව වංචා සමීක්ෂණයෙන් සොයා ගෙන තිබෙනවා.

කාඩ්පත් වංචා යනු මිලදී ගැනීම්වලට හෝ හිමිකරුගේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීමට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් තොරතුරු අනවසරයෙන් භාවිතා කිරීමයි.

ඔස්ට්‍රේලියානුවන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන මිලදී ගැනීම්වලට හෝ ව්‍යාජ බිල්පත් සම්බන්ධ වංචාවලට ගොදුරු වී ඇති බව ද සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

අන්තර්ජාල සාප්පු සවාරිවලදී ව්‍යාජ ඉන්වොයිස් හෝ භාණ්ඩ මිලදී ගැනීම් සඳහා වන ඉල්ලීම් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් විය යුතු බවයි බැංකු මෙන්ම මුල්‍ය ආයතන අවධාරණය කර ඇත්තේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »