වැඩකරන ජනතාවට ඩොලර් මිලියන 850ක් අහිමි වෙයි

සේවයට ගැලපෙන නිසි වැටුපක් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ වැඩකරන ජනතාවට වසරකට ඩොලර් මිලියන 850කට ආසන්න මුදලක් අහිමි වන බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ ඔස්ට්‍රේලියානු වැඩ කරන ජනතාව අතර කළකිරීමක් පවතින අතර ඒ සම්බන්ධව ආයතන ප්‍රධානීන් සමග සෘජුව කතා කිරීමට නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

අධ්‍යනය සදහා සහභාගි වූ එක් කම්කරුවෙකුට මාස 18ක කාලසීමාවක් තුළ ඩොලර් 15000ක වැටුප් අහිමි වී ඇති බවයි අනාවරණය වී තිබෙනවා.

පසුගිය මාස 24 තුළ ඔස්ට්‍රේලියානු සමාගම්වලින් සියයට 59ක් පමණ වැටුප් ගෙවීමේදී කිසියම් හෝ දෝෂයක් සිදු කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අඩු වැටුප් පමණක් නොව, වැටුප් ගෙවීම් ප්‍රමාද වීම, සේවකයින් නිසි පරිදි ශ්‍රේණිගත නොකිරීම, විශ්‍රාම වැටුප් ගෙවීම් පැහැර හැරීම වැනි ගැටලු රැසකට වැඩ කරන ජනතාව මුහුණ දෙන බවයි වාර්තා වනවා.

සේවකයින් 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින ව්‍යාපාර මෙලෙස වැටුප් සම්බන්ධ කම්කරු අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන්.

කුඩා ව්‍යාපාරයන්ට සාපෙක්ෂව වැඩි සේවකයින් පිරිසක් සේවයේ නිරත ආයතන ප්‍රධානීන් මෙලෙස වැටුප් අයිතීන් කප්පාදු කිරීම සම්බන්ධයෙන් චෝදනාවලට ලක්ව ඇති අතර මේ හේතුවෙන් ආයතන මට්ටමින් වෘත්තිය සමිතිවල වර්ධනයක් පෙන්නුම් කරන බව ද අනාවරණ වී තිබෙනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »