උද්ධමනයට බලපාන ප්‍රධාන කරුණක් ගැන හෙළිදරව්වක්

ආහාර මිල මෙන්ම උෂ්ණත්වය ඉහළ යෑම රටක උද්ධමනය කෙරෙහි සෘජුව බලපාන බව නව අධ්‍යනයකින් සොයාගෙන තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් වාර්ෂිකව ආහාර සදහා වන පිරිවැය සියයට 1.5 සිට 1.8 දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.

2060 වසර වන විට ගෝලීය ආහාර මිල ගණන් වාර්ෂිකව සියයට 2.2 සිට 4.3 දක්වා වර්ධනය විය හැකි බව ආර්ථික විශේෂඥයින් පුරෝකතනය කර තිබෙනවා.

යුරෝපීය මහ බැංකුව විසින් 1996 වසරේ සිට රටවල් 121ක ආහාර සහ අනෙකුත් භාණ්ඩවල මාසික මිල, උෂ්ණත්වය සහ අනෙකුත් දේශගුණික සාධක අධ්‍යනය කරමින් මෙම පර්යේෂණය සිදු කර තිබුණා.

ඒ අනුව කාළගුණ සහ දේශගුණික විපර්යාසයන් ආහාර මිල ඉහළ යෑම කෙරෙහි සෘජුව බලපෑම් කරන බවයි නිගමනය කර ඇත්තේ.

විශේෂයෙන් සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ මැදපෙරදිග කාලාපයේ ආහාර මිල අගය තවදුරටත් ඉහළ අගයක් පෙන්නුම් කරන බව එම වාර්තා පෙන්වා දෙනවා.

දේශගුණික විපර්යාස මානව සුභසාධනය සහ ආර්ථික සුබසාධනයට බාධා මතු කරන සාධකයක් බවටයි එහිදී හඳුන්වා ඇත්තේ.

දේශගුණික විපර්යාස එමගින් ඇතිවන කාලගුණ සංසිද්ධි, තාප තරංග සහ කෘෂිකාර්මික ඵලදායිතාව අතර සම්බන්ධතාවය ද මෙහිදි අධ්‍යනය කර ඇති අතර අනාගත ආහාර මිල සඳහා එම සාධක සෘජුව බලපානු ඇති.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »