Search

Qantas සමාගමට යළිත් චෝදනාවක්

Qantas සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී අභ්‍යන්තර ගුවන් ගමන්වලින් සියයට හයක් පමණ අවලංගු කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව Qantas ගුවන් සේවයේ සෑම අභ්‍යන්තර ගුවන් ගමන් 20 කින් එකකට වඩා අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙබරවාරි මාසයේදී රටේ ගුවන් සමාගම් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ෆෙඩරල් රජයේ යටිතල පහසුකම් සහ ප්‍රවාහන පර්යේෂණ ආර්ථික විද්‍යා කාර්යාංශය නිකුත් කළ දත්ත අනුවයි මේ බව හෙළිවී තිබෙනවා.

එම වාර්තාව පෙන්නුම් කළේ අභ්‍යන්තර ගුවන් ගමන් වලින් සියයට 73ක් පමණක් නියමිත වේලාවට පැමිණි බවයි.

සියයට 74.5ක් නියමිත වේලාවට පිටත් වූ අතර සියයට 4ක් අවලංගු කර තිබෙනවා.

ජනවාරි මාසයේ ගුවන් ගමන්වලින් සියයට 73.4ක් නියමිත වේලාවට පැමිණි අතර සියයට 3.1ක් අවලංගු කර තිබුණා.

යටිතල පහසුකම් සහ ප්‍රවාහන පර්යේෂණ ආර්ථික විද්‍යා කාර්යාංශය සඳහන් කළේ ගුවන් සමාගම්වල වර්තමාන විශ්වසනීයත්වය බෙහෙවින් නරක තත්වයට පත්වී ඇති බවයි.

වර්ජින්, ජෙට්ස්ටාර් සහ බොන්සා සමාගම්වල ගුවන් ගමන් බොහෝ දුරට නියමිත වේලාවට පැමිණෙන බව මෙම වාර්තා මගින් පෙන්නුම් කර තිබෙනවා.

නියමිත වේලාවට පැමිණ අවලංගු කිරීම් අඩුවෙන්ම වාර්තා කර ඇත්තේ රෙක්ස් සමාගමයි.