Student Visa වලින් ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

අද සිට ඔස්ට්‍රේලියාවේ Student Visa නීති වෙනස් වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදින් පසු ඉල්ලුම් කරන සෑම student visa අයදුම්කරුවෙකුම නව ජෙනුයින් ස්ටුඩන්ට් (Genuine Student) නිර්ණායක සපුරාලිම අනිවාර්ය වන බවයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සදහා පැමිණෙන සිසුන් ජෙනුයින් ටෙම්පරරි ස්ටුඩන්ට් එන්ට්‍රන්ට් (Genuine Temporary Entrant (GTE) නම් වු පරික්ෂණයකට මුහුණ දීමට සිදු වනු ඇති.

මෙම නීති මාර්තු 23 වනදාට පෙර අයදුම් කරන අයදුම්කරුවන්ට බලාත්මක නොවන අතර මාර්තු 23 වන දා හෝ ඊට පසු අයදුම් කරන සෑම student visa ලාභියෙකු සඳහාම බලපැවැත්වෙන බව සඳහන්.

මාර්තු 23 ට පෙර ඉදිරිපත් කරන ලද ඕනෑම අයදුම්පතක් පවතින විධිවිධාන සහ නිර්ණායක අනුව තක්සේරු කරනු ලබන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

පසුගිය දෙසැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ උපායමාර්ග හදුන්වා දීම යටතේ මෙම නව වෙනස්කම් හදුන්වා දී තිබුණා.

අධ්‍යාපනය අරමුණු කරගෙන Student visa යටතේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සදහා පැමිණෙන සත්‍ය සිසුන් හඳුනා ගැනීම මෙහි අරමුණ බවද සඳහන්.

නව පරීක්ෂණය මගින් ජාත්‍යන්තර සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා මට්ටම අවබෝධ කර ගැනීමට හැකි වන අතර ලබා ගන්නා ලකුණු මත student visa සදහා ප්‍රමුඛතාව ලබා දෙනු ලබනවා.

ජාත්‍යන්තර සිසුන් සඳහා වන නව ජෙනුයින් ටෙම්පරරි ස්ටුඩන්ට් එන්ට්‍රන්ට් (Genuine Temporary Entrant) පරීක්ෂණය මගින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම මෙහි අරමුණයි.

සිසුන්ගේ අධ්‍යාපන පළපුරුද්දේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට මෙන්ම රැකියා ස්ථානවල සිදුවන සූරාකෑම අවම කිරීමට ශිෂ්‍ය සහ උපාධි වීසා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා වැඩි කරන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ .

අධ්‍යාපනයට වඩා වෙනත් අරමුණු සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීම සඳහා නව ශිෂ්‍ය පරීක්ෂණයක් හඳුන්වා දෙනු ඇති.

මෙම පරීක්ෂණය මගින් ඔවුන්ගේ අධ්‍යයන අභිප්‍රායන් සහ ආර්ථික තත්වයන් පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතු අතර, සැබෑ ශිෂ්‍යයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවබෝධ වන බවට ප්‍රකාශයක් ද කළ යුතු වනවා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »