මොස්කව් නුවර ප්‍රසංගයකට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයකින් 40ක් මියයයි

රුසියාවේ මොස්කව් නුවර පිහිටි ප්‍රසංග ශාලාවකට නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රුසියානු ආරක්ෂක අංශ සඳහන් කළේ අදාළ ශාලාව තුළ ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම්ව සිටියදී එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයට තුවක්කුකරුවන් හතර දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි.

වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ප්‍රසංගයක් සඳහා 6,000 කට අධික රුසියානුවන් ප්‍රසංග සංකීර්ණයට පැමිණ සිටි බව සඳහන්.

ගොඩනැගිල්ලේ කොටසක් ගිනිගෙන ඇති අතර වහලයේ කොටසක් ද කඩා වැටී තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ළමුන් ද සිටින බවට පැවසෙන අතර මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව පවසමින් රුසියානු විදේශ අමාත්‍යාංශය එය හෙළා දැක ඇතැයි සඳහන්.

මෙතෙක් තහවුරු නොකළ ප්‍රකාශයකට අනුව ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමී කණ්ඩායම ප්‍රහාරය පිටුපස සිටින්නේ තමන් බව ප්‍රකාශ කර තිබෙනවා.

සති දෙකකට පෙර, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය රුසියාවේ සිටින තම පුරවැසියන්ට අනතුරු අඟවා තිබුණේ මොස්කව්හි විශාල රැස්වීම් ඉලක්ක කිරීමට අන්තවාදීන්ට ආසන්න සැලසුම් ඇති බැවින් එවැනි රැස්වීම්වලින් වළකින ලෙසටයි.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »