Search

සැත්කමකට ලක්වූ කේට් කුමරිය ගැන කිසිවෙකුත් අපේක්ෂා නොකළ කනගාටුදායක පුවතක්

තමා පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවට වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් නිවේදනය කර තිබෙනවා.

පිළිකාව සඳහා රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටින බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කර ඇත්තේ.

බ්‍රිතාන්‍ය සිංහාසනයේ උරුමක්කාරයා වන විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කෙන්සිංටන් මාලිගය විසින් නිකුත් කරන ලද වීඩියෝ පණිවිඩයකින් මේ බව නිවේදනය කළා.

42 හැවිරිදි කේට් ඇයගේ පණිවිඩය ආරම්භ කරනු ලැබුවේ රාජකීය පවුලටම ඇදහිය නොහැකි තරම් දුෂ්කර මාස කිහිපයක් තුළ ලබා දුන් සහයෝගයට ස්තූති කිරීමෙන්.

පසුගියදා ඇයට සිදු කළ උදර ශල්‍යකර්මය පිළිකාවක් යැයි නොසිතූ අතර පසුව කරන ලද පරීක්ෂණවලදී පිළිකාවක් ඇති බව අනාවරණය වූ බවයි කුමරිය සඳහන් කළේ.

අසනීප තත්වයන් හේතුවෙන් කාලයක සිට ජනතාවගෙන් දුරව සිටින කේට් කුමරිය ජනවාරි මාසයේදී සිදු කළ ශල්‍යකර්මය
හේතුවෙන් ලන්ඩනයේ රෝහලක සති දෙකකට ආසන්න කාලයක් නේවාසිකව රැඳි සිට ප්‍රතිකාර ලබාගත්තා.

තමන් පිළිකා රෝගියෙකු බව දැන ගැනීම විශාල කම්පනයක් වූ බව ඇය මෙහිදී ප්‍රකාශ කළ අතර ඉක්මනින් සුව තත්ත්වයට පත්වන බවට දරුවන් තිදෙනාට තේරුම් කරදීමට තමන්ට කාලය අවශ්‍ය වූ බවයි ඇය කියාසිටියේ.

විලියම් කුමරු තමන්ගේ සහායට සිටීම ඇයට පහසුවක් ගෙන දෙන තම ප්‍රකාශය මගින් කේට් කුමරිය සඳහන් කළා.

නමුත් ඇයට වැළඳී ඇත්තේ කුමන ආකාරයේ පිළිකාවක්ද යන්න හෝ එය කුමන අවධියක් දක්වා වර්ධනය වූවක්ද යන්න කෙන්සිංටන් මාලිගය හෙළිකර නැහැ.

තුන්වන චාල්ස් රජුටද පිළිකාවක් වැළඳී ඇති බව පසුගිය මාසයේදී හඳුනාගත් අතර, මේ වනවිට ඔහු ද ඒ සඳහා ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »