ඔස්ට්‍රේලියාවේදී ඉතිහාසයට අලුත් පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්න්ධයෙන් වූ ආචාර්ය උපාධියක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව සම්පූර්ණ කිරීමට වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞතචිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර සමත්වී තිබෙනවා.

දුලාන් කොඩිකාර දැනට මෙල්බන් නුවර රැකියාවක නිරත වෙමින් සිටින අතර ඔහු 2011 වසරේදී පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහායි.

2013 වසරේදී ඔහු එම උපාධිය සාර්ථකව අවසන් කර තිබුණා.

2014 වසරේදි යළිත් ඔහු ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ක්‍රීඩා සහ ව්‍යායාම් සම්බන්ධ භෞත චිකිත්සකවරයෙක් ලෙසට රැකියාවක නිරත වීම සඳහායි.

එම රැකියාවේ නිරතව සිටින අතර ඔහුට 2016 වසරේදී බැලරට් හි ෆෙඩරේෂන් යුනිවර්සිටි වෙතින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිවී තිබෙනවා.

වසර කිහිපයක් තුල ඊට අදාළ පර්යේෂණ කටයුතුවලින් අනතුරුව 2023 වසරේ අග භාගයේදි ඔහු ආචර්ය උපාධිය සම්පූර්ණ කර ගත් අතර පසුගිය මාර්තු 19 වනදායි ඔහුට ආචාර්ය උපාධිය පිරිනමනු ලැබුවේ.

ක්‍රීඩා හා ව්‍යායාම් සම්බන්ධ භෞත චිකිත්සකවරුන් අතරින් ලොව පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු ක්‍රිකට් ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ආචාර්ය උපාධියක් ලබාගත් පළමු අවස්ථාව ලෙසටයි මෙය ඉතිහාසයට එක්වන්නේ.

ශ්‍රී ලාංකිකයෙකු ලෙසට මෙම දුර්ලභ අවස්ථාව පිළිබඳ නිහතමානිව ආඩම්බර වන බව දුලාන් කොඩිකාර ප්‍රකාශ කළා.

එමෙන්ම ෆෙඩරේෂන් යුනිවර්සිටි ආයතනය සහ ඔස්ට්‍රේලියානු රජය මෙම ආචාර්ය උපාධියේ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු වෙනුවෙන් ඩොලර් දෙලක්ෂ පනස් දහසකට අධික මුදලක් වැය කිරීම කෘතඥපූර්වකව සිහිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.

විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන අනෙකුත් පර්යේෂකයන්, පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩකයන් තම පර්යේෂණ ක්‍රියාවලියේදී ලබාදුන් සහාය ද දුලාන් කොඩිකාර සිහිපත් කරනවා.

“හෙඩ්, නෙක්, ෆේෂල් ඉන්ජරිස් ඉන් ක්‍රිකට්” යන මාතෘකාව පර්යේෂණයට තෝරා ගනු ලැබුවේ තමා 2010 වසරේදී ලැබූ පෞද්ගලික අත්දැකීමක් හේතුවෙන් වන අතර 2014 වසරේදී ෆිල් හියුස් ක්‍රිකට් තරගයක් අතරතුර පන්දුවක් හිසේ වැදී අකල් මරණයකට ගොදුරු වීම ද මෙමෙ පර්යේෂණ සඳහා යොමු වීමට හේතු වූ බවයි ඔහු කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »