Search

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් අතිශයින් බියට පත්වූ කරුණක් ගැන හෙළිවෙයි

බොහෝ ඔස්ට්‍රේලියානුවන් මුදල් රහිත සමාජයක් වෙත ගමන් කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන බව නව පර්යේෂණයකින් සොයාගෙන තිබෙනවා.

වර්තමනායේ ඔස්ට්‍රේලියාව තුළ බැංකු ශාඛා වැසී යෑම, චෙක්පත් ගණුදෙනු ක්‍රමානුකූලව පහත වැටීම මෙන්ම මුදල් භාවිතය ද සැලකිය යුතු ලෙස පහත වැටි ඇති බව සඳහන්.

සමීක්ෂණයට සහභාගී වු සෑම ඔස්ට්‍රේලියානුවන් පසු දෙනෙකුගෙන් දෙදෙනෙක් මුදල් රහිත සමාජය පිළිබඳ කළකිරීමෙන් පසුවන බව ප්‍රකාශ කර තිබෙනවා.

ගෙවීම් තාක්‍ෂණ සමාගමක් විසින් කරන ලද පර්යේෂණයකට අනුව මුදල් රහිත සමාජය ගැන අඩු ආදායම්ලාභීන් අතිශය බියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පර්යේෂණය මගින් වයස් පරතරය හා ආර්ථික මට්ටම අනුව මුදල් රහිත සමාජය පිළිබඳ වු කනස්සල්ලක් අනාවරණය කර ගැනීමට සමත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් ලොව ඉහළම ඩිජිටල් ගෙවීම් භාවිතා කරන්නන් අතර ඉහළින් සිටිය ද තවදුරටත් මුදල් මත පමණක් ගණුදෙනු කරන පිරිස සැළකිය යුතු මට්ටමින් සිටින බව ද එම වාර්තා පෙන්වා දෙනවා.

වර්තමාන ඩිජිටල් ගෙවීම් පද්ධතිය පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් ලබා නොදෙන අතර මුදල් රහිත සමාජයට යෑමත් සමග අන්තරජාල මුදල් වංචා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 34කට ඔන්ලයින් ගෙවීම් සිදු කරන විට තම වියදම් පාලනය කර ගැනීමේ නොහැකියාවක් පවතින බව ද අනාවරණ වී තිබෙනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »