Search

ඔස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් අවදානමක

ඔස්ට්‍රේලියාවේ සෑම උකස් හිමියන් 20 දෙනෙකුගෙන් එක් අයෙක් උපයන ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් කරන බව නව වාර්තාවක් මගින් හෙළිවී තිබෙනවා.
සංචිත බැංකු වාර්තාවන්ට අනුව ඕස්ට්‍රේලියාවේ සෑම උකස් හිමියන් 20 දෙනෙකුගෙන්ම එක් අයෙක් ඔවුන් උපයන මුදලට වඩා ආපසු ගෙවීම් සහ අනෙකුත් ජීවන වියදම් සඳහා වැය කරන අතර විශාල පිරිසකට මේ වසරේ ඉතිරි කිරීම් අවසන් වීමේ අවදානමක් පවතින බව ද සඳහන්.
ඊයේ නිකුත් කරන ලද නවතම මූල්‍ය ස්ථායීතා වාර්තාව පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානු ආර්ථිකය විදේශයන්ගෙන් පැමිණෙන අවදානම්වලට මුහුණ දීමට තරම් ශක්තිමත් ස්ථානයක සිටින බවයි.
එහෙත් නිවාස හිමියන්ගෙන් බහුතරයකට උකස් සහ අනෙකුත් ජීවන වියදම් පියවා ගැනීමට හැකි වුව ද උකසක් ඇති නිවාස හිමියන්ගෙන් සියයට පහකට ඔවුන්ගේ ආපසු ගෙවීම් දරාගත නොහැකි බැවින් උපයන මුදලට වඩා වියදම් කරන බවයි හෙළිවී ඇත්තේ.
බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන වියදම් කපා හැරීමට, ඇතැම් භාණ්ඩ හා සේවා ගුණාත්මක භාවයෙන් අඩුව ලබා ගැනීමට අමතරව උකස් සේවා පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට වෙනත් ගැලපීම් කිරීමට සිදුවී ඇතැයි සඳහන්.
දේපළ ඇතුලු වත්කම් විකිණීම සහ අමතර පැය ගණනක් වැඩ කිරීම ද ඊට ඇතුළත්.
වසංගතය අතරතුර බැංකු ගත කරන ලද ඉතුරුම් පවුල් ඒකකවලට ඔවුන්ගේ අත්‍යවශ්‍ය වියදම් ගෙවීමට උපකාර කරන අතර බොහෝ පිරිසකට දැන් ඉතිරිව ඇත්තේ මාස හයකට වඩා අඩුවෙන් වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »