දුම් පානයෙන් සිදුවන වෙනස්ම ආබාධයක් ගැන අලුත් හෙළිදරව්වක්

දුම්පානය උදරයේ මේදය තැන් පත්වීම වැඩි කිරීමට හේතු විය හැකි බව නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ද ඇඩික්ෂන් සඟරාව විසින් සිදු කළ අධ්‍යයනයකට අනුව ජීවත කාලය පුරා වැඩි කාලයක් මෙලෙස දුම් පානයේ නිරත වන්නේ නම් උදරයේ මේදය තැම්පත් වීමේ අගය ඉහළ යන බවයි වාර්තා වී ඇත්තේ.

ස්වීඩනයේ වසංගත රෝග විද්‍යාඥයකු සහ සහකාර මහාචාර්යවරයකු වන ජර්මන් කැරස්කිල්ලා සඳහන් කළේ දුම්පානය කරන්නන්ගේ ශරීර අභ්‍යන්තර මේදය වැඩිවී නොයෙක් ව්‍යාකූලතාවන්ට බලපෑම් ඇති කරන බවයි.

දුම්පානය නැවැත්වීමෙන් උදරයේ මේදය වර්ධනය වීම පාලනය කළ හැකියා බව දුම්පානය නතර කළ පුද්ගලයින් උපයෝගි කරගනිමින් සිදු කළ අධ්‍යයනයේ දී හෙළිව තිබුණා.

තව ද දුම්පානය නැවැත්වු සැනින් මේදය තැම්පත් වීම පාලනය කර ගත නොහැකි අතර ඒ සඳහා නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කල යුතු බව ද ඇඩික්ෂන් සඟරාව පෙන්වා දී තිබෙනවා.

දුම්පානය පමණක් නොව දුම්පානයෙන් පිටවන දුම්, ඉවුම් පිහුම් දුම්, වාහන මගින් ඇති කරණ දුමාරයන් හෘද සහ පෙනහළු රෝග වැඩිවීම සමඟ සම්බන්ධ වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

දුම්පානය සඳහා ඇබ්බැහිවුවන්ට දුම්පානය නතර කිරීම ඉතා දුෂ්කර වන අතර ඒ සඳහා උපකාරක වැඩසටහන් භා පෙළඹවීම් ඉවත් කිරීමේ ක්‍රමවේද පිළිබඳ ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් රටින් රටට ආරම්භ කළ යුතු බව එම සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »