
දැරිය හැකි මිල ගණන් යටතේ කුළී නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ වී වසර 6ක් ගත වුව ද ඉන් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වු බව ඔස්ට්‍රේලියානුවන් චෝදනා කරනවා.
වසර 10ක නිවාස ව්‍යාපෘතියක් යටතේ දැරිය හැකි නිවාස ලබා දීමේ යෝජනා ක්‍රමය ආරම්භ වූයේ 2018 වසරේ දීයි.
එම යෝජනා ක්‍රමය ආරම්භ වූ දා පටන් ඒ සඳහා ලියාපදිංචි වී සිටි ඔස්ට්‍රේලියානුවන්ට ද මෙතෙක් නිසි ප්‍රතිලාභ අත් නොවු බවටයි චෝදනා එල්ල වන්නේ.

ඉතිරිව ඇති වසර 4ක කාලසීමාව තුළ මෙම නිවාස ව්‍යාපෘති යෝජනා ක්‍රම අවසන් වන බවට ද ෆෙඩරල් රජයෙන් කිසිදු සහතිකයක් ද මෙතෙක් ලැබී නැහැ.
විශේෂයෙන් බටහිර ඔස්ට්‍රේලියා කලාපය තුළ දැරිය හැකි නිවාස ඉල්ලුමෙන් සියයට 20ක් හෝ සපුරාලීමට ප්‍රාන්ත රජයට හැකියාව ලැබී නොමැති අතර තවදුරටත් මහමග රාත්‍රී ගත කරන පුද්ගලයන් ගණනද සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දෙසැම්බර් වන විට බටහිර දැරිය හැකි නිවාස ලබා ගැනීම සඳහා නව ඉල්ලුම්කරුවන් 3200ක් ඉදිරිපත් ව තිබු බැවින් පවතින නිවාස අවශ්‍යතාව සියයට 42කින් ඉහළ යනු ඇතැයි සඳහන්.
මෙහි විශේෂත්වය වන්නේ රැකියාවල ද නිරතව වැටුපක් ලබන පුද්ගලයින් දැරිය හැකි මිලට කුලී නිවසක් ලබා ගැනීමට නොහැකිව තාවකාලික රැඳවුම් ස්ථානවල දිවි ගෙවීමයි.