බලශක්ති බිල්පත් අඩු කර ගන්න ඔස්ට්‍රේලියානුවන්ට ඔන්ලයින් මෙවලමක්

සියලුම ඔස්ට්‍රේලියානුවන්ට බලශක්ති බිල්පත් අඩු කර ගැනීම සඳහා බලශක්ති සැපයුම් සමාගමක් විසින් Electrify Now යන ඔන්ලයින් මෙවලමක් හඳුන්වා දී තිබෙනවා.

මෙම නව බලශක්ති මෙවලම් ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහාශ්‍රිත විදුලි බිල්පත් ඉතිරි කර ගැනීමට උදවු වන බවටයි හෙළිව ඇත්තේ.

විශේෂයෙන් හරිත විදුලිය සඳහා ගෘහ විදුලි උපකරණ මාරු කිරීම මගින් බලශක්ති බිල්පත් මෙන්ම කාබන් විමෝචනය අවම කර ගත හැකි බවයි අනාවරණය වී තිබෙනවා.

එමගින් නිවසේ බලශක්තිය භාවිත කර ඇති ආකාරය සහ එම ක්‍රමවේද වෙනස් කිරීමට අදාළ මාර්ගෝපදේශයන් ද ලැබෙනු ඇති.

හරිත විද්‍යුත් උපාංග වෙත මාරු වීම වඩාත් හොඳ ආයෝජනයක් වුව ද එම උපාංලවල අධික මිල හේතුවෙන් පාරිභෝගිකයින් ඒවා මිලදී ගැනීමට මැලි කමක් දක්වන බව සඳහන්.

කාබන් විමෝචන උපකරණ හැකිතාක් නිවාස පරිශ්‍ර තුලින් ඉවත් කිරීම ඔස්ට්‍රේලියානුවන්ගේ විදුලි බිල්පත් පාලනය සඳහා වඩාත් උපකාරි වනු ඇති.

ජීවන වියදම හමුවේ විදුලි බිල්පත් ගෙවීමට නොහැකි ඔස්ට්‍රේලියානුවන් ට පවතින බිල්පත අඩු කර ගැනීමට මාරේගෝපදේශයක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »