Search

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ මිලියනයකට අධික රියදුරන් පසුගිය මාස 12 තුළ තම මෝටර් රථය ලියාපදිංචි කිරීම අතපසු කර ඇති බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

ෆයින්ඩර් විසින් රියදුරන් 961 දෙනෙකු යොදාගනිමින් සිදු කළ සමීක්ෂණයේදි රියදුරන්ගෙන් සියයට 6ක් සඳහන් කර ඇත්තේ අමතකවීම හේතුවෙන් මෝටර් රථ ලියාපදිංචිය මගහැරී ඇති බවයි.

කාන්තාවන්ගෙන් සියයට 7ක් සහ පිරිමි පුද්ගලයන්ගෙන් සියයට 4ක් මෙලෙස අමතක වීම හේතුවෙන් වාහන ලියාපදිංචිය මගහැර ඇති බව සඳහන්.

තවත් සියයට 4ක් හිතාමතාම මෝටර් රථ ලියාපදිංචිය මගහැර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

ලියාපදිංචි නොකළ වාහනයක් පැදවීම නීති විරෝධී වන අතර එලෙස ලියාපදිංචි නොකළ වාහන පැදවීම දඬුවම් ලැබිය හැකි වරදක් ද වනවා.

ලියාපදිංචි නොකළ වාහනයක් පදවා හසුවුව හොත් රියදුරන්ට ලැබෙන දඩ මුදල ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එම දඩය ඩොලර් 704ක්.

වික්ටෝරියාහි ලියාපදිංචි නොකල මගී මෝටර් රථ සඳහා ඩොලර් 962ක දඩ මුදලකට යටත්වීමට රියදුරන්ට සිදුවනවා.

ප්‍රාන්ත රජයන් සඳහන් කර ඇත්තේ ඇති ළඟම ලියාපදිංචි ස්ථානය වෙත ගොස් හෝ ඔන්ලයින් මාර්ගයෙන් වාහන ලියාපදිංචි කටයුතු කඩිනමින් සිදු කරගන්නා ලෙසටයි.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »