Search

ඕනෑම තැනකින් නිවසක් ගැනීමට නොහැකි ඔස්ට්‍රේලියානුවන් ගැන අලුත් සමීක්ෂණයක්

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට රටේ ඕනෑම තැනකින් නිවසක් මිලදී ගැනීමට හැකියාවක් නොමැති බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු පුස්තකාලයේ නව විශ්ලේෂණයේ දැක්වෙන්නේ සාමාන්‍ය ආදායම් ලබන්නෙකුට නිවසක් මිලදී ගැනීමට හැකි එක නගරයක් හෝ කලාපයක් නොමැති බවයි.

මෙම වාර්තාව හරිත පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ සඳහා දේපල පර්යේෂක කෝර් ලොජික් සහ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත භාවිතා කර තිබෙනවා.

සාමාන්‍ය ආදායම් ලබන්නෙකුට නිවසක් මිලදී ගැනීමට සහ නිවාස ගැටලුවට ලක් නොවී සිටීමට අවශ්‍ය සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 164,400ක් පමණ විය යුතු අතර එය ඔවුන්ගේ සාමාන්‍ය ආදායම මෙන් 1.5 ගුණයකට වඩා වැඩි බව සඳහන්.

එම අගය මහල් නිවාසයක් සඳහා ඩොලර් 130,599ක් දක්වා අඩු වුව ද අගනගරවල නිවාස සඳහා ඩොලර් 186,000කට වඩා වැඩි අගයක් ගනු ලබනවා.

ඒ අනුව හරිත පක්ෂ නියෝජිතයන් පවසන්නේ සාමාන්‍ය තනි ආදායම් ලබන්නෙකුට ආතතියට පත් නොවී නිවසක් මිලදී ගත හැකි කලාපයක් හෝ නගරයක් නොමැති බව මෙම විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන බවයි.

පර්ත් සහ ඩාවින් යනු සාමාන්‍ය ආදායමක් ඇති කෙනෙකුට ඒකක දැරිය හැකි මිලකට නිවසක් ලබා ගැනීමට හැකි නගර වනවා.

හරිත පක්ෂ මන්ත්‍රී මැක්ස් චැන්ඩ්ලර් මාතර් පැවසුවේ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙලඳපොලේ වෙනසක් අවශ්‍ය බව මෙම වාර්තාවෙන් පැහැදිලිව පෙන්නුම් කරන බවයි.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »