Search

ඔස්ට්‍රේලියානුවන් බහුතරයකට ඉන්න තැනක් නැතිවෙයි කියා බියක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් දේශගුණික විපත් හමුවේ තමන් ජීවත් වන ස්ථානයෙන් ඉවත් වීමට සිදු වනු ඇතැයි බියකින් පසුවන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්ථිරවම තම නිවෙස් හැර යාමට සිදුවනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටින බවයි දේශගුණ කවුන්සිලයේ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ.

දරුවන්ට සහ තරුණයින්ට කාලගුණික සිදුවීම්වල බලපෑම මෙන්ම දරාගත නොහැකි මට්ටමට රක්ෂණ වාරික ඉහළ යාම ද මෙහිදී අවධානයට යොමු වී තිබෙනවා.

ප්‍රජා විශේෂඥයින් පවසන්නේ උත්සන්න වන ව්‍යසනයන්ට මුහුණ දීම සඳහා මිනිසුන්ට ප්‍රායෝගික විසඳුම් අවශ්‍ය බවයි.

කාලගුණික තත්ත්වයන් නිසා ඔවුන්ට තම නිවෙස්වලින් වෙනත් ස්ථානයකට යාමට සිදුවනු ඇතැයි බියක් පවතින අතර බොහෝ දෙනෙකුට දැනටමත් තාවකාලිකව හෝ ස්ථිරව පදිංචියට වෙනත් ස්ථානයකට යාමට සිදුවී ඇති බව සඳහන්.

දේශගුණ කවුන්සිලය විසින් නිකුත් කරන ලද සමීක්ෂණය මගින් කාලගුණික තත්ත්වයන් ජනතාවගේ යහපැවැත්මට බලපාන ආකාරය පිළිබඳව රට පුරා පුද්ගලයින් 1,568 දෙනෙකුගෙන් කරුණු විමසා තිබෙනවා.

සමීක්ෂණයට අනුව ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් 2019 වසරේ සිට දේශගුණය ආශ්‍රිත ව්‍යසනවලින් සෘජුවම බලපෑමට ලක්වී ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණය තාප තරංග සම්බන්ධ සිදුවීම් වනවා.

සමීක්ෂණයේදී හෙළිදරව් වූ කාලගුණය ආශ්‍රිත ව්‍යසනයන්වලින් වඩාත් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශ වන්නේ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දෙකයි.

විශේෂයෙන්ම ක්වීන්ස්ලන්ඩ් ජනතාව වෙනත් ප්‍රාන්තවල ජීවත් වන ජනතාව හා සසඳන විට ගංවතුර, තාප තරංග, සුළි කුණාටු එකක් හෝ කිහිපයක් අත්විඳීමට ඇති ඉඩකඩ වැඩි බව සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.

එමෙන්ම ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දෙකෙහිම පදිංචිකරුවන් වෙනත් ප්‍රාන්තවල ජනතාව සමග සංසන්දනය කරන විට නියඟ එකක් හෝ කිහිපයක් තුළ ජීවත් වීමට ඇති ඉඩකඩ වැඩි බව ද එමගින් හෙළිවී ඇතැයි සඳහන්.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »