ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට එන අලුත් නීතිය

වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් භාවිත නොවන සියලුම ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කිරීමට රජය සූදානම් වනවා.

මහජන සෞඛ්‍ය උවදුරක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම දුම්වැටි තහනම් කිරීම සඳහා රජය ඊයේ පාර්ලිමේන්තුවට නව නීති හඳුන්වා දෙනු ලැබුවා.

එම නීති සම්මත වීමෙන් පසු ලෝකයේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනම් කිරීම පිළිබඳ දැඩිම රෙගුලාසි බලාත්මක වන රටක් බවට ඔස්ට්‍රේලියාව පත් වනු ඇති.

නව නීති පාර්ලිමේන්තුව සම්මත කළහොත්, චිකිත්සක නොවන සහ තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, සැපයීම සහ වාණිජමය වශයෙන් සන්තකයේ තබා ගැනීම නීති විරෝධී බවට පත් වනවා.

කෙසේ වෙතත් තවමත් ෆාමසිවලින් මිලදී ගැනීම නීත්‍යානුකූල වන බැවින් ඒවා නිකොටින් ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීමට සහ දුම්පානය නතර කිරීමට ජනතාවට උපකාර කිරීම සඳහා භාවිතා කළ හැකියි.

සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පැවසුවේ ලොව පුරා රජයන් සාමාන්‍යයෙන් අවුරුදු 40 හෝ 50 වැනි වයස්වල සිටින දැඩි දුම් පානය කරන්නන්ට එම දුම්පානය නතර කිරීමට සහ පුරුද්දෙන් මිදීමට වෛද්‍යමය භාණ්ඩයක් ලෙස ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවි කරන බවයි.

ඔස්ට්‍රේලියාව තුළ මෙම නිෂ්පාදන නියාමනය කිරීමට ප්‍රධාන හේතුව ළමයින් නිකොටින්වලට ඇබ්බැහි වීම වන අතර තවත් පරම්පරාවක් දුම්කොළවලට ඇබ්බැහි වීමට ඉඩ නොදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

2022 සහ 2023 ජාතික දත්තවලට අනුව සෑම උසස් පාසල් සිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු මෑතකදී ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට ඇබ්බැහි වී ඇති අතර එය වසර පහකට පෙර පැවති අනුපාතය මෙන් හතර ගුණයක් බව සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »