ලොව පළමු වරට මොළයට චිප් එකක් බද්ධ කළ පුද්ගලයා මනසින් වැඩ කිරීම අරඹයි

ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වී තිබෙනවා.

ප්‍රකෝටිපතියෙකු වන ඉලෝන් මස්ක් විසින් ආරම්භ කළ නියුරාලින්ක් ආයතනය විසිනුයි පළමු වරට සාර්ථක ලෙස මිනිස් මොළයට චිප් එකක් සවි කිරීම පසුගිය ජනවාරි මාසයේ සිදු කරනු ලැබුවේ.

ඒ කිමිදීමට යාමේදී සිදු වූ අනතුරකින් උරහිසට පහළින් අංශභාග තත්ත්වයට පත්ව සිටින 29 හැවිරිදි අයෙකුටයි.

එම සැත්කමෙන් පසු අනාවරණ වී ඇත්තේ ඔහුට තම සිතුවිලි පමණක් භාවිත කරමින් පරිගණක කර්සරයක් හෝ යතුරු පුවරුවක් පාලනය කල හැකි බවයි.

ඒ අනුව චිපය බද්ධ කළ රෝගියාට ඔහුගේ සිතුවිලි භාවිතයෙන් පරිගණක මවුස් එකක් පාලනය කළ හැකි බව සනාත වී තිබෙනවා.

Elon Musk, X පණිවුඩයක් යොමු කරමින් සඳහන් කළේ චිප් එකක් මොළයට සවි කිරීමේ සැත්කම පහසු කාර්යයක් වන අතර එලෙස සිදු කළ පළමු සැත්කමට ලක්වූ පුද්ගලයා මනසින් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවට හඳුනා ගත් බවයි.

කෙසේ වෙතත් එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ ස්නායු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ කිප් ලුඩ්විග් පැවසුවේ මෙම තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කළ යුතු අතර මෙය ආරම්භක මට්ටමේ පවතින බවයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »