රෝගීන් දහස් ගණනකට ජීවිතය ගැන බලාපොරොත්තු එක් කරමින් ලොව පළමු වරට සාර්ථක සැත්කමක්

ලොව ප්‍රථම වරට ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කිරීමට වෛද්‍යවරු කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

ජානමය වශයෙන් වෙනස් කරන ලද වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීම මෙලෙස වෛද්‍යවරුන් විසින් අද සිදු කර ඇති බවයි ඔවුන් නිවේදනය කළේ.

පැය හතරක් පුරා මෙම ශල්‍යකර්මය මැසචුසෙට්ස් මහ රෝහලේදී සිදු කරන ලද අතර එය 1954 වසරේදී වකුගඩු බද්ධ කිරීමක් සිදු කළ පළමු රෝහල ද වනවා.

මැසචුසෙට්ස් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කළමනාකරුවෙකු වන 62 හැවිරිදි පුද්ගලයෙකුට මෙම බද්ධ කිරීම සිදු කර ඇති අතර හොඳින් සුවය ලබමින් සිටින ඔහුට ඉක්මනින් රෝහලෙන් පිටව යාමට හැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

වෛද්‍යවරු බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ඔහුගේ නව වකුගඩුව වසර ගණනාවක් පැවතිය හැකි බවට විශ්වාස කරන බවයි.

මෙම රෝගියා වසර 11ක් පුරා රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සායනවලට සහභාගී වන අයෙක් වන අතර ඔහුට 2018 වසරේදී ද මිනිස් පරිත්‍යාගශීලියෙකුගෙන් ලබා ගත් වකුගඩුවක් බද්ධ කර තිබූ බව සඳහන්.

එම වකුගඩුව වසර පහකට පසු අකර්මණ්‍ය වීමේ ලකුණු පෙන්නුම් කිරීම හේතුවෙන් නැවතත් 2023 දී රුධිර කාන්දුකරණය ආරම්භ කර තිබුණා.

පසුගිය වසරේ අවසන් අදියරේ වකුගඩු රෝගයෙන් පෙළෙන බව හඳුනාගත් විට ඔහුගේ වෛද්‍යවරුන් යෝජනා කර තිබුණේ ඌරෙකුගේ වකුගඩුවක් අත්හදා බලන ලෙසයි.

සැත්කම සිදු කළ ශල්‍ය වෛද්‍ය වෛද්‍යවරුන් පැවසුවේ ඌරු වකුගඩුව මිනිස් වකුගඩුවක ප්‍රමාණයට බොහෝ සෙයින් සමාන බවයි.

ඌරන්ගේ වකුගඩු මිනිස් වකුගඩුවලට බෙහෙවින් සමාන වුවත්, මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය නව අවයවය ප්‍රතික්ෂේප කිරීම වළක්වා ගන්නේ කෙසේදැයි සොයා බැලීම පහසු නොවන බවයි ඔවුහු සඳහන් කර තිබුණේ.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »