Search

තරුණ යුවළගේ ඝාතනයට ඇල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වරදී

ජෙසී බෙයාඩ් සහ ලුක් ඩේවිස් යුවළ ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියා වන ලැමරේ කොන්ඩන් නිව් සවුත්වේල්ස් පොලිස් බලකායෙන් ඉවත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පැවසුවේ කොමසාරිස් කැරන් වෙබ් විසින් පොලිස් පනතේ ඇතුලත් නීතිමය වගන්ති යටතේ ඔහුගේ රැකියාව අවසන් කර ඇති බවයි.

පොලිස් නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමට ඇති යෝග්‍යතාවය පිළිබඳ සැකයක් ඇත්නම් ඔවුන් ඉවත් කිරීමට කොමසාරිස්වරියට හැකියාව ඇති බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ලැමරේ කොන්ඩන් පසුගිය මාසයේ පැඩිංටන් හි පිහිටි බෙයාර්ඩ්ගේ නිවසේදී පොලිස් ගිනි අවියකින් ඩේවිස් සහ බෙයාර්ඩ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනවා.

සිඩ්නි නුවරට නිරිත දෙසින් පිහිටි බන්ගෝනියා ප්‍රදේශයේ සර්ෆ් බෑග්වල ඔතා තිබූ සිරුරු සතියකට වැඩි කාලයකට පසුවයි සොයා ගැනුණේ.

2019 වසරේදී පොලිස් නිලධාරියෙකු වීමට පෙර ලැමරේ-කොන්ඩන් හොලිවුඩ් තරු සමඟ සමීප හමුවීම් පිළිබඳ සමාජ මාධ්‍යවල නිතර වීඩියෝ පළ කළ ජනප්‍රිය බ්ලොග්කරුවෙකු වුණා.

මෙම ඝාතන විමර්ශනයේ කොටසක් ලෙස සැකකාර නිලධාරියා බඳවා ගැනීමේ ලිපිගොනුව සහ පොලිස් බලකායේ ඉතිහාසය ද සමාලෝචනය කරනු ඇති.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »