Search

සොරකම් කළ වාහන ඇතුලත් අංගනයක් මෙල්බන් නුවරින් මතුවෙයි

ඩොලර් 500,000කට අධික වටිනාකමකින් යුත් සොරකම් කළ බව කියන වාහන රැසක් සමග සැකකරුවෙකු මෙල්බර්න්හිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන ක්‍රැන්බෝන් ඊස්ට් (Cranbourne East) ප්‍රදේශයේ සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී යි මෙම වාහන හමුවී ඇත්තේ.

හෝල්ඩන් V8 වර්ගයේ මෝටර් රථ 7ක් සහ ලෑන්ඩ්කෲසර් රථයක් ඇතුළුව සොරකම් කරන ලද මෝටර් රථ 10ක්, බයිසිකල් 4ක්, මෝටර් රථ එන්ජින් පහක් ඇතුලු අමතර කොටස් රැසක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

සොරකම් කරන ලද ෆෝක්ලිෆ්ට් එකක්, ක්වාඩ් බයිසිකලයක්, මුදල් සහ මත්දව්‍ය ද මෙම පුද්ගලයා සතුව තිබී ඇතැයි සඳහන්.

මත්ද්‍රව්‍ය සහ සොරකම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් 39 හැවිරිදි සැකකරු ලබන 27 වනදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සියලුම වාහනවල අංක තහඩු වෙනස් කර ඇති අතර ඒවායේ එන්ජින් අංක ඉවත් කර, වෙනස් කර හෝ විකෘති කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »