ළමයින්ට මේ සෙල්ලම් බඩු ගත්තා නම් ළං වෙන්න වත් දෙන්න එපා

පාස්කු උත්සව සමය ඉලක්ක කර ගනිමින් කෝල්ස් සමාගම විසින් අලෙවි කරනු ලැබූ ළමා සෙල්ලම් බඩු කිහිපයක් යළි කැඳවා තිබෙනවා.

නැවත කැඳවීමේ නිවේදනය නිල්, අළු සහ දම් පාටින් ඇති කෝල්ස් ඊස්ටර් බනි ස්ක්වීසර් පෝල්ස් (Coles Easter Bunny Squeezer Pals) කෝල්ස් ඊස්ටර් ලයිට් අප් චිකන් (Coles Easter Light Up Chicken) සහ බනි (Bunny) සඳහා අදාළ වන බව සඳහන්.

එම සෙල්ලම් බඩුවල වැරදි මැහුම් හේතුවෙන් එම නිෂ්පාදන භාවිතයෙන් දරුවන්ගේ හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

පසුගිය පෙබරවාරි 26 සහ 2024 මාර්තු 20 අතර රට පුරා ඇති කෝල්ස් සුපිරි වෙළඳසැල්වල සහ කෝල්ස් ඔන්ලයින් ඔස්සේ මේවා අලෙවි කර තිබුණා.

එම සෙල්ලම් බඩු ළමයින්ට ළඟාවිය නොහැකි ලෙස තබා ඇති බවට සහතික කරන ලෙසට සහ සම්පූර්ණ මුදල් ආපසු ගෙවීම සඳහා ඕනෑම කෝල්ස් සුපිරි වෙළඳසැලකට ඒවා ආපසු ලබා දෙන ලෙසටයි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ.

අන්තර්ජාලය හරහා නිෂ්පාදන මිලදී ගත් අයට 1800 455 400 අංකයෙන් Coles Customer Care හා සම්බන්ධ වීමෙන් මුදල් ආපසු ලබා ගැනීමට හැකියාව පවතිනවා.

කෝල්ස් සමාගම මෙම සෙල්ලම් බදු නැවත කැඳවීමේ නිවේදනය මගින් සඳහන් කළේය ගනුදෙනුකරුවන්ට සිදු වන අපහසුතාව සඳහා සමාව අයදින බවයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »