අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයන්න අලුත් කණ්ඩායමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ බැලරට් ප්‍රදේශයේදී අතුරුදන් වූ සමන්තා මර්ෆිගේ සිරුර සෙවීමට මිනිස් සිරුරු සෙවීමේ පුහුණුව ලත් විශේෂ පොලිස් නිල සුනඛයන් යොදාගෙන තිබෙනවා.

තාක්ෂණික හඳුනාගැනීමේ සුනඛයන් වන ඔවුන් අතුරුදන් වූ තිදරු මව සෙවීමේ මෙහෙයුම් සඳහා රහස් පරීක්ෂක කණ්ඩායම්වලට සහාය වනු ඇති.

51 හැවිරිදි සමන්තා මර්ෆි අවසන් වරට තම නිවසින් පිටව ගොස් තිබුණේ පසුගිය පෙබරවාරි 4 වනදා උදෑසන වන අතර ඇය සොයා බැලරට් සිට කිලෝමීටර 11ක් පමණ දුරින් පිහිටි බුනිනියොංහි කැලෑ ප්‍රදේශයේ පොලිසිය ඊයේ මෙහෙයුම් සිදු කර තිබුණා.

වික්ටෝරියා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙය විශේෂඥ සහායන් රැසක් සමඟ සිදු කළ විශේෂ ඉලක්කගත සෝදිසි කිරීමක් නොවන බවයි.

අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ රහස් පරීක්ෂකයින් මාසයකට වැඩි කාලයක් බැලරට්හි ස්ථානගතව විමර්ශනයේ කොටසක් ලෙස නිරන්තරයෙන් සෝදිසි කිරීම් සිදු කරනු ලබනවා.

බුනිනියොං රක්ෂිතය සෝදිසි කිරීම සඳහා පොලිසිය විසින් මළ සිරුරු අනාවරණ කර ගැනීමේ දක්ෂතා සහිත සුනඛයන්, සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ පුහුණුව සහිත සුනඛයන් ඇතුලු ගවේෂකයන් රැසක් සම්බන්ධ වී තිබෙනවා.

සමන්තා මර්ෆිගේ ඝාතනයට බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින 22 හැවිරිදි තරුණයාගෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලබා ගැනීමට පොලිසියට හැකි වී නැහැ.

පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

Read More »

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »