Search

වික්ටෝරියා ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය පහතට වැටෙයි

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනය විසින් ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍ය සේවා සපයන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් නවතම අධ්‍යනයක් නිකුත් කර තිබෙනවා.

එම අධ්‍යනයේ නිර්දේශ අනුව වයස අවුරුදු 16ත් 85 අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුල යම් අවස්ථාවක මානසික සෞඛ්‍ය ආබාධයකට මුහුණ බවයි වාර්තා වන්නේ.

සමීක්ෂණ සදහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 48ක් සදහන් කර ඇත්තේ ජිවිත කාලය තුල මානසික සෞඛ්‍ය ආබාධයකට මුහුණ දී ඇති බවයි.

එම ආබාධ අතර කාංසාව ප්‍රධාන මානසික සෞඛ්‍ය පිඩනයක් බවයි හෙළිව ඇත්තේ

බොහෝ විට මානසික රෝග කළමනාකරණය කිරීමට සහ රෝගීන්ට සත්කාර සඳහා සුදුසු ප්‍රවේශය සම්බන්ධකර ගැනීමට් නොහැකි වීමෙන් පිඩාවිදින ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛයාව ඉහළ ගොස් තිබෙනවා.

මෙඩිකෙයා සහ ටෙලි හෙල්ත් වැනි නොමිලේ සපයන  සේවා වෙත තරුණ ප්‍රජාව වැඩිපුර නැඹුරුවීමක් පෙන්නුම් කරන අතර එය සාධනීය තත්වයක් ලෙස සදහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම මානසික ආතතීන්ට ගොදුරු වූ ජනයා සිටින ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර ඇති අතර එම අගය සියයට 12ක් ලෙස සදහන්.

මේ අතර අඩුම මානසික පිඩාවන් සහිත ඔස්ට්‍රේලියානු කලාපය ලෙස නොර්ත් ටෙරිටරි නම් කර තිබෙනවා එම අයග සටහන්ව ඇත්තේ සියයට 6ක් ලෙසයි

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »