අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා පලනය සදහා පෞද්ගලික ගිණුම් හී ආරක්ෂාව තර කර කරගැනීමට ෆෙඩරල් රජය විසින් උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ගේ එදිනෙදා අන්තර්ජා ගණුදෙනු වලදී තම පෞද්ගලික ගිණුම් සදහා ශක්තිමත් මුරපදයක් යොදාගැනීම අනිවාර්ය බව සදහන්.
බොහෝ අවස්ථාවල ශක්තිමත් මුරපදයක් නොමැතිවීමෙන් විවිධ වංචනිකයින් සදහා පුද්ගලයින්ගේ පෞද්ගලික ගිණුම් වෙත පහසුවෙන් ප්‍රවේශවීමට හැකි බවයි වාර්තා වන්නේ
ශක්තිමත් සහ අද්විතීය මුරපද නිර්මාණය කිරීම වැනි සරල ක්‍රම හරහා ඔස්ට්‍රේලියානුවන්ගේ සයිබර් ආරක්ෂාව වැඩි දියුණු කිරීමට දිරිමත් කරනු ඇති.
ශක්තිමත් සයිබර් ආරක්ෂාව සඳහා මුරපද ඉතා වැදගත් වන අතර අහඹු වචන හතරක් හෝ වැඩි ගණනක් සහ අක්ෂර දාහතරකට වඩා භාවිතා කිරීමෙන් ඔබට ශක්තිමත් මුරපද නිර්මාණය කළ හැකි බවයි වාර්තා වන්නේ.
එක් එක් ගිණුම සඳහා වෙනස් මුරපද භාවිත කිරීම අනිවාර්‍ය වන අතර ශක්තිමත් මුරපදයක් නිර්මානය කර ගැනීම සදහා
(ඇක්ට් නව් ස්ට්‍රේ සෙකියුරුටි) Actnowstaysecure.gov.au යන වෙබ් අඩවියට පිවිසිමෙන් හැකියාව ලැබෙන බවද ෆෙඩරල් රජය වැඩිදුරටත් දන්වා තිබෙනවා.