ඔස්ට්‍රේලියාවේ හොඳම ක්‍රියාකාරී ආර්ථික හිමි ප්‍රාන්තය නම් කෙරෙයි

ඔස්ට්‍රේලියාවේ හොඳම ක්‍රියාකාරී ආර්ථිකය ලෙස ශ්‍රේණිගත කිරීමෙන් වික්ටෝරියා ප්‍රාන්තය පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

CommSec State of the States වාර්තාවට අනුව වසරකට වැඩි කාලයක් තුළ ප්‍රථම වතාවට වික්ටෝරියා ප්‍රාන්තට රටේ ඉහළම ක්‍රියාකාරී ආර්ථිකයක් බවට පත්ව ඇති බව සදහන්.

පෙර සමීක්ෂණ ප්‍රතිපල අනුව වික්ටෝරියා ප්‍රාන්තය පස්වන ස්ථානයේ පසුවූ අතර වසරක් වැනි කෙටි කලක දී පස්වන ස්ථානයේ සිට පළමු ස්ථානයට පැමිණීම කාගේත් අවදානයට යොමුව තිබෙනවා.

ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරකම්,ශක්තිමත් සිල්ලර වියදම්, ව්‍යාපාරික ආයෝජන වැඩි කිරීම සහ වසර හතකට ආසන්න කාලයක් තුළ එහි ඉහළම ජනගහන වර්ධනය වැනී හේතු මේ සදහා බලපා ඇති බව සදහන්

 හොඳම ක්‍රියාකාරී ආර්ථික ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය දකුණු ඔස්ට්‍රේලියාව හිමිලරගෙන තිබෙනවා

ආර්ථික වර්ධනය, සිල්ලර වියදම්, උපකරණ ආයෝජන, විරැකියාව, ඉදිකිරීම්, ජනගහන වර්ධනය, නිවාස මූල්‍යකරණය සහ වාසස්ථාන ආරම්භය වැනි ප්‍රධාන දර්ශක සංසන්දනය කරමින් එක් එක් ප්‍රාන්ත සහ ප්‍රදේශය ඇගයීමට ලක් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තය පස්වන ස්ථානයේ සිට පළමු ස්ථානයට එසවීම පුදුම සහගත වුවත් වික්ටෝරියා ආර්ථිකය තුළ අභියෝග රැසක් පවතින බවද සදහන්

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »