
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංස්කෘතික ස්ථාන දෙකක නම් වෙනස් කිරීමට භූගෝලීය නාම මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව නිව් නවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රසිද්ධ සංස්කෘතික උරුමයන් ලෙස නම් කර ඇති කේප් බයිරන් සහ ජුලියන් රොක්ස් නම් ස්ථාන දෙකෙහි නම් ස්වදේශීය ජනයාගේ ව්‍යවහාරික භාෂා අනුව වෙනස් වනු ඇති
එම ස්ථාන සදහා අද සිට ද්විත්ව නම් භාවිත කළ හැකි අතර නිල වශයෙන් ස්වදේශික නම් වලින් හැදින්වීමට නියමිතයි.

කේප් බයිරන් සඳහා වල්ගන් යන ස්වදේශික වචනය භාවිත කිරීමට නිර්දේශ කර ඇති අතර එහි අර්ථය උරහිස යන්නයි.
මෙම ප්‍රදේශය බයිරන් කලාපයේ ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන අතර ස්වදේශික ජනයා අතීතයේ සිට රැස්වීම් සහ චාරිත්‍ර වාරිත්‍ර සඳහා එක් රැස්වූ ස්ථානයක් ලෙස සදහන්

විශේෂයෙන් අරක්වාල් සහ අනෙකුත් බුන්ඩ්ජලුං ස්වදේශික ජනයින් අතර වඩාත් වැදගත් ස්ථානයක් ලෙස මෙය සැලකෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ ඉහළම කිමිදුම් ස්ථානවලින් එකක් වන ජුලියන් රොක් සඳහා වන ද්විත්ව නාමය ගුතුංගුලල් වන අතර එහි අර්ථය ලෝකයේ පියා යන්නයි.
අරක්වාල් සහ අනෙකුත් බුන්ඩ්ජලුං ජනයාගේ පූජනීය ආදිවාසී අඩවියක් ලෙස මෙය සැළකෙනවා.
භූගෝලීය නාම මණ්ඩලය විසින් ප්‍රදේශ ද්විත්ව නම් නිල වශයෙන් අනුමත කර ඇති අතර පාරිභෝගික සේවා අමාත්‍ය ජිහාඩ් ඩිබ් පැවසුවේ මෙලෙස ස්ථාන නම් වෙනස් කිරීම තුළින් දේශීය භාෂාව සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනයට හැකියාව ලැබෙන බවයි.
එසේම ඒ වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.