ඔස්ට්‍රේලියාව අද ව්ශේෂ ගිවිසුමක් අත්සන් කරන්න සූදානමින්

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදිත යුද වාහන ජර්මනියට ලබාදීම සඳහා වූ ඩොලර් බිලියනයක ගනුදෙනුවකට අදාළ ගිවිසුමකට අද අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ ගිවිසුම අනුව ජර්මනියට පාබල සටන් වාහන 100කට වඩා සැපයීමටයි ඔස්ට්‍රේලියාව මෙම ගිවිසුමට එළඹෙන්නේ.

බොහෝ දුරට ජර්මනියෙන් ආනයනය කරන ලද වාහන කොටස් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඉප්ස්විච්හිදී එකලස් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ විශාලතම ආරක්‍ෂක අපනයනය ලෙස හැඳින්වෙන මෙම සන්නද්ධ වාහන 100 කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේ සැලැස්ම ජර්මනියේ පාර්ලිමේන්තුව විසින් ද අනුමත කර තිබෙනවා.

මෙමගින් නව රැකියා සිය ගණනක් ද බිහිවනු ඇතැයි අපේක්ෂිතයි.

අගමැති Anthony Albanese පසුගිය වසරේ ජර්මනියේ බර්ලින් නුවරට ගිය අවස්ථාවේදී මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු පළමු වරට හෙළිදරව් කර තිබුණා.

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »