පැතුම් නිස්සංක එක්දින පිතිකරණ ලැයිස්තුවේ මුල් දස දෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කරනු ලබන එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මුල් 10 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.

 

ඒ ප්‍රසාද ලකුණු 711ක් හිමිකර ගනිමින්.

 

පැතුම් නිස්සංක මීට පෙර එම ලයිස්තුවේ 11වැනි ස්ථානයේ පසු වූ අතර, මේ වනවිට ඔහු එම ලැයිස්තුවේ 08වැනි ස්ථානයට පැමිණීමට සමත් වී තිබෙනවා.

 

එමෙන්ම, චරිත් අසලංක එම ලයිස්තුවේ 14වැනි ස්ථානයටත්, ජනිත් ලියනගේ 87වැනි ස්ථානයටත් පැමිණ තිබෙනවා.

 

මේ අතර පෙබරවාරි මාසයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක තිදෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක, නවසීලන්තයේ කේන් විලියම්සන් සහ ඉන්දියාවේ යශිෂ්වි ජෙයිශ්වාල් ඇතුළත් කර තිබෙනවා. 

 

ඒ, එම ක්‍රීඩකයන් පසුගිය තරගවල දී පෙන්නුම් කළ දක්ෂතා පදනම් කර ගනිමින්.

 

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »