ඩොලර් බිලියන 2.2ක් අහිමි කළ කාඩ්පත් වංචාව

2023 වසරේදී බැංකු කාඩ් පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.2 ක් අහිමි වී ඇතැයි ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ කාඩ්පත් වංචා වැඩි වීමේ ප්‍රවණතාවක් පිළිබඳව ද තොරතුරු හෙළි වන බවයි.

2022 වසරට සාපේක්ෂව 2023 දී කාඩ්පත් වංචාවෙන් පීඩාවට පත් වූ ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ප්‍රමාණයෙන් වැඩි වීමක් සිදුවී ඇති බව එහි සඳහන්.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ වාර්තාව පවසන්නේ කාඩ්පත් වංචාවෙන් ඩොලර් බිලියන 2.2 ක ඇස්තමේන්තුගත මුදලක් අහිමි වී ඇති බවයි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ඊයේ නිකුත් කරන ලද නව දත්ත වලට අනුව 2022 වසර තුළ මිලියන 1.8ක ජනතාවක් කාඩ්පත් වංචාවලට හසුවී ඇති අතර එය පෙර වසරට වඩා සියයට 8.1ක වැඩිවීමක්.

තවත් 514,300ක් කිසියම් හෝ ආකාරයකට වංචාවකට හසුව ඇති අතර, 200,000ක පමණ ප්‍රමාණයක් මුදල් සොරකම්වලට ගොදුරු වී තිබෙනවා.

කාඩ්පත් වංචා වාර්තාවට අනුව ක්‍රෙඩිට් හෝ ඩෙබිට් මගින් මිලදී ගැනීම් කිරීමට හෝ ගිණුම් හිමිකරුගේ අවසරයකින් තොරව මුදල් ආපසු ගැනීමට යොදා ගැනීමේ සිදුවීම් ඇතුලත්.

බලපෑමට ලක් වූ ඕස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 2022 වසරේ පැවති සියයට 6.9ක අගයේ සිට 2023 වසරේදී සියයට 8.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවැනි වංචාවලට හසුවී පීඩාවට පත්වූවන් අතර වයස අවුරුදු 45ත් 54ත් අතර පුද්ගලයින් බහුලවම සිටින බව සඳහන්.

අපරාධ සහ යුක්තිය පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රධානී විලියම් මිල්න් පැවසුවේ කාඩ්පත් වංචාවන්ට ගොදුරු වන අයගෙන් වැඩි ප්‍රමාණයක් විවාහක අය සහ ඉහළ ආදායම් ලබන අය වන බවයි.

 

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »