Search

HIV සම්පූර්ණයෙන්ම සුවකරන්න පර්යේෂකයින් මෙහෙයුම් අරඹයි

නොබෙල් ත්‍යාගලාභී Crispr ජාන සංස්කරණ තාක්‍ෂණය භාවිත කරමින් ආසාදිත සෛලවලින් HIV සාර්ථකව තුරන් කළ හැකි බව විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

 

මෙම නව ක්‍රමය හරහා අණුක මට්ටමින් DNA කපා හරින නිසා ඉවත් කිරීමට හෝ අක්‍රිය කිරීමට හැකි බවයි ඔවුන් සොයාගෙන ඇත්තේ. 

 

අවසානයේ ශරීරයෙන් වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හැකිවීම තම බලාපොරොත්තුව බව ඔවුන් පවසනවා. 

 

එය ආරක්ෂිත සහ ඵලදායී වනු ඇත්දැයි පරීක්ෂා කිරීමට තවත් බොහෝ පරීක්ෂණ මෙහෙයවිය යුතු බවයි ඔවුන් අවධාරණ කර ඇත්තේ.

 

දැනට පවතින HIV ඖෂධ මගින් වෛරසය පාලනය කළ හැකි නමුත් එය තුරන් කළ නොහැකියි. 

 

ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් මගින් මෙම පරීක්ෂණ මෙහෙයවා ඇති අතර, වෛද්‍ය සම්මන්ත්‍රණයකදී ඔවුන්ගේ මුල් සොයාගැනීම් පිළිබඳ සාරාංශයක් ඉදිරිපත් කරමින්, ඔවුන් සඳහන් කර ඇත්තේ තම සොයා ගැනීම් HIV සඳහා ඉක්මන් ප්‍රතිකාරයක් නොවන බවයි. 

 

මෙම නව සොයා ගැණීම් පිළිබඳ අදහස් දක්වමින් නොටින්හැම් විශ්ව විද්‍යාලයේ ප්‍රාථමික සෛල සහ ජාන ප්‍රතිකාර තාක්ෂණ සහකාර මහාචාර්ය වෛද්‍ය ජේම්ස් ඩික්සන් ද සම්පූර්ණ සොයාගැනීම් තවමත් විමර්ශනය කිරීමට අවශ්‍ය බවත්, මෙම සෛල විශ්ලේෂණයන් අනාගත ප්‍රතිකාරයක් සඳහා යොදාගත හැකි ආකාරය දසඳහන් කර තිබෙනවා.