රටේ ප්‍රශ්නවලට ක්‍රීඩාව ගාවගන්න එපා: ඇෆ්ගනිස්තානයෙන් ඔස්ට්‍රේලියාවට පිළිතුරක්

ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තරග තුනකින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය කල්දැමීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණයට, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයනනය සිය කණගාටුව පළකර තිබෙනවා.

 

ඔස්ට්‍රේලියාව ගත් තීරණයට පිළිතුරු ලිපියක් යොමුකරමින් ඇෆ්ගනිස්තානය දන්වා ඇත්තේ බාහිර බලපෑම් සහ දේශපාලන බලපෑම්වලට ක්‍රීඩාව සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

 

එහිදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ, රටේ ප්‍රතිපත්ති ක්‍රිකට් මණ්ඩල මත පැටවීමෙන් වළකින්න ලෙසයි.

 

එමෙන්ම මෙමගින් ඔවුන් ඔස්ට්‍රේලියාවට දැනුම්දී ඇත්තේ, සැලසුම්කර තිබූ මෙම විස්සයි20 තරගාවලිය ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාව එකඟව සිටි බවයි.

 

අයි.සී.සී.යේ අනුමැතිය ඊට හිමි වූයේද ඒ නිසා බව ඔවුන් සිය පිළිතුරු ලිපියෙහි දක්වා තිබුණා.

 

එමගින් ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ, ඔස්ට්‍රේලියාව මෙන්ම තමන්ද පූර්ණ සාමාජික රටක් නිසා එහි ස්ථාවරයට ගරු කරන ලෙසයි.

බාහිර බලපෑම්වලට හෝ දේශපාලන බලපෑම්වලට යටත් නොවී විකල්ප විසඳුමකට පැමිණෙන ලෙස ඔවුන් ඔස්ට්‍රේලියාවට දැනුම්දී තිබෙනවා.

 

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහිපත් කළ බේරා ගැනීම

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් වාර්තා වී තිබෙනවා.

Read More »