ඩොලර් 100කින් මිළ පහළ දැමූ ඔස්ට්‍රේලියානු කුලී නිවාස

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තදාසන්න ප්‍රදේශවල කුලී නිවාස අගය ඩොලර් 100 කින් පහත වැටී තිබෙනවා.

 

නිවාස සහ තනි නිවාස ඒකක සඳහා කුලී වර්ධනයේ විශාලතම වාර්ෂික පහත වැටීමක් පෙන්නුම් කරන තදාසන්න ප්‍රදේශ පිළිබද වාර්තාවක් ප්‍රොප්ට්‍රැක් ආයතනය විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණා.

 

නව දත්ත මගින් හෙළිව ඇත්තේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් තදාසන්න ප්‍රදේශවල කුලී මිල ගණන් ඩොලර් 100 කින් පහත වැටී ඇති බවයි.

 

2023 ජනවාරි මාසයේදී ඩොලර් 720ක්ව තිබූ කුළි නිවාස අගය  2024 වසරේ ජනවාරි වන විට

ඩොලර් 620 දක්වා පහත වැටී තිබෙනවා.

 

නිවසක් සඳහා කුලී මිලෙහි දෙවන විශාලතම පහත වැටීමක් ඇති උපනගරය වූයේ සිඩ්නි හි වයඹ දෙසින් පිහිටි ටෙලෝපියා වන අතර එය 2023 වසරේ ජනවාරි මාසයේදී වූ ඩොලර් 750 මිළ අගය 2024 ජනවාරි මාසය වන විට ඩොලර් 650 දක්වා පහත වැටී ඇති බව සදහන්.

 

මේ අතර තනි නිවාස ඒකකයක් සඳහා, කුලී මිලෙහි විශාලතම පහත වැටීමක් පෙන්නුම් කර ඇත්තේ NSW හී තදාසන්න ප්‍රදේශය වූයේ Port Macquarie වන අතර 2023 ජනවාරි මාසයේදී පැවති ඩොලර් 440 අගය  2024 ජනවාරි වන විට ඩොලර් 380ක් දක්වා පහත වැටීම කාගේත් අවධානයට ලක්වුණා.



ඒකක කුලී මිලෙහි දෙවන විශාලතම පහත වැටීමක් ඇති තදාසන්න ප්‍රදේශය වූයේ මධ්‍යම වෙරළ තීරයේ බුකර් බොක්කෙහි වන අතර එහි වත්මන් අගය ඩොලර් 500ක්.

 

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »