ලොව ප්‍රීතිමත් රටවල් අතර ඔස්ට්‍රේලියාව 10 වන තැනට ශ්‍රී ලංකාව පහතටම

ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමේ ලොව ප්‍රීතිමත්ම රටවල් 10අතරට ඔස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.

අඛණ්ඩව 7වන වරටත් ෆින්ලන්තය ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත  පළමු ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තුන්වන ස්ථානය අයිස්ලන්තය හිමිකරගෙන තිබෙනවා.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128වන ස්ථානයයි. මේ අතර ඉන්දියාවට එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට වඩා ස්ථාන දෙකක් ඉදිරියට ගොස් 126 වන ස්ථානය හිමිකරගෙන තිබුණා.

රටවල් 143ක වෙසෙන පුද්ගලයන්ගේ ප්‍රතිචාර භාවිතා කරමින් සකස් කර ඇති මෙම වාර්තාව වයස් කාණ්ඩ අනුව වෙන වෙනම ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයක්.

එම ශ්‍රේණිගත කිරීමේ 143 ස්ථානය එනම් අවසන් ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානයයි.

 

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »