වසය අවුරුදු 15ට වැඩි ඔස්ට්‍රේලියානුවන් විවිධ සාපරාධි අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ ප්‍රවනතාව සියයට 4කින් ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යංශ දත්තවලට අනුව පසුගිය මූල්‍ය වර්ශයේ දී වයස අවුරුදු 15 වැඩි පුද්ගලයින් 833,600ක් කුමණ හෝ අපරාධයකට ගොදුරු වී ඇති බව සදහන්.
පහරදීම්, තර්ජනය කිරීම්, මංකොල්ලකෑම්, සොරකම් කිරීම හෝ දේපළ හානි වැනි අපරාධ ක්‍රියාවන්ගේ ගොදුරු බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඉහත අපරාධයන්ට අදාළව ෆෙඩරල් පොලීසිය වෙත ලද පැමිණිලි අනුව මෙම වාර්තා සංඛ්‍යාලේඛන කාර්යංශ විසින් නිකුත් කර තිබෙනවා.
අපරාධයන්ට ගොදුරු වූ පුද්ගලයන්ගෙන් සියයට 1.7ක් ශාරිරික පහරදීම් වලට ලක්ව ඇති අතර එම අගය 358 500 ක් ලෙස සදහන්.
මේ අතර එම පුද්ගලයින්ගෙන් සියයට 2.2ක් එනම් 459800ක් මුහුණට මුහුණ තර්ජනයට ලක්ව ඇති අතර නිවාස වලට කඩා වැදි සිදුකළ පහරදීම් සංඛ්‍යාව 185 300ක් වනවා.
පසුගිය මූල්‍ය වර්ශයේදී ෆෙඩරල් පොලීසිය වෙත වාර්තා වූ මෝටර්රථ සොරකම් කිරීම් ගණන 219 100ක්.
විවිධ පහරකෑම් වලට ලක්වීම් අතින් වැඩි ප්‍රමාණයක් ගෘහස්ථ හිංසන වන අතර එම අගය සටහන්ව ඇත්තේ 856 800ක් ලෙසයි.